රාජකාරී වෙලාවේ සූර්වී සිටී ලංගම සේවකයින් දෙදෙනෙකුගේ වැඩතහනම්
ඊයේ පස්වරුවේ අදාළ බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා වැලිකන්ද ගමනාගමන මණ්ඩලයේ විවේකාගාරය තුළ බීමතින් වැටී සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී ...

ඊයේ පස්වරුවේ අදාළ බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා වැලිකන්ද ගමනාගමන මණ්ඩලයේ විවේකාගාරය තුළ බීමතින් වැටී සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී තිබූ අතර, පසුව වැලිකන්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පිටත්ව ගොස් තිබුණි. එම අවස්ථාව වන විටත් කොන්දොස්තරවරයා බීමතින් එම ස්ථානයේ නිදා සිට ඇති අතර, රියදුරු පලාගොස් තිබූ බව සඳහන් වේ.
වැලිකන්ද බස් නැවතුම්පොළේ නතර කර තිබූ එම බස් රථය ගල්කන්ද ප්‍රදේශයට ගමන් කිරීම සඳහා පවතින එකම බස්රථය වන අතර, පාසල් සිසුන් ඇතුළු මගීන් පිරිසක් ඒ වන විටත් එම බස්රථය වෙත පැමිණ සිටි බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය. කෙසේවෙතත්, රියදුරු හා කොන්දොස්තර නොමැතිවීම හේතුවෙන් බස්රථය ධාවනය නොවීමත් සමග දුෂ්කරතාවට පත්ව සිටි මගීන් සඳහා පොලිස් ජීප් රථයෙන් ගමන් පහසුකම් සැපයීමට වැලිකන්ද පොලීසිය පියවර ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව ඩිපෝ බලධාරින් විසින් වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රියදුරු සහ කොන්දොස්තරවරයා තාවකාලික වැඩ තහනමට ලක් කර ඇති බව පොළොන්නරුව ඩිපෝවේ ප්‍රකාශකයෙකු පැවසීය.
Related