පාකිස්තානයට යන්න ඉන්න අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්
ඇමරිකාව විසින් පාකිස්තානය සඳහා නව සංචාරක උපදේශන මාලාවක් නිකුත් කර ඇත. එරට රාජ්ය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ, තම පුරවැසියන් පාකිස්තානයේ ...

ඇමරිකාව විසින් පාකිස්තානය සඳහා නව සංචාරක උපදේශන මාලාවක් නිකුත් කර ඇත. එරට රාජ්ය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ, තම පුරවැසියන් පාකිස්තානයේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, ඒ පිළිබඳ නැවත සලකා බලන ලෙසයි.
පාකිස්තානයේ බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා පළාත්වල අන්තවාදී කණ්ඩායම් ප්රහාර සැලසුම් කරන බවට ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. එම ප්රදේශවල සන්නද්ධ ගැටුම් ඇතිවීමේ හැකියාවක් ඇති බව ද එහි දක්වා ඇත.
ප්රවාහන මධ්යස්ථාන, සාප්පු සංකීර්ණ, හමුදා ස්ථාන, ගුවන්තොටුපළ, විශ්වවිද්යාල සහ පූජනීය ස්ථාන වැනි විවිධ ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ලවිය හැකි බව ඇමරිකාව පවසයි. කෙසේ නමුත්, ත්රස්තවාදීන් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව එම ප්රහාර එල්ල කළ හැකි බව ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Related