මොටර් රිය පෙරැළී පෙරපාසල් දැරිය ඇතුළු තුනක් රෝහලේ
නුවරඑලිය, කඳපොල, බොරලන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා...

https://www.sathhanda.com/2025/03/blog-post_876.html
නුවරඑලිය, කඳපොල, බොරලන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය වාර්තා කරයි.
කඳපොල සහ බොරලන්ද ප්‍රදේශයට ඊයේ (10) සවස ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ධාවනය වෙමින් තිබූ මෝටර් රථය ලිස්සා ගොස් තේවත්තක බෑවුම් සහිත ප්‍රදේශයකට පෙරැළී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, තුවාල ලැබූ තිදෙනා වහාම රෝහල්ගත කර ඇත.
Related