ගම්පහ වගා නොකරන ඉඩම් ගැන සොයයි
ගම්පහ දිස්ත්‍රික්කයේ වගා නොකරන කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් සම්බන්ධයෙන් මාර්තු 15 වන දින වන විට හඳුනා ගනිමින් තොරතුරු රැස් කරන ලෙසට, කෘෂිකර්ම ප...

ගම්පහ දිස්ත්‍රික්කයේ වගා නොකරන කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් සම්බන්ධයෙන් මාර්තු 15 වන දින වන විට හඳුනා ගනිමින් තොරතුරු රැස් කරන ලෙසට, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් දැනුවත් කෙරෙන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
මේ යටතේ, ඉඩම් හිමි අයිතිකරුවන් සහ භුක්තිකරුවන් වෙත ගෙයින් ගෙට ගොස් නිවේදන පත්‍රිකා බෙදා දීමට පියවර ගෙන ඇත. වගා නොකරන, එහෙත් වගා කළ හැකි සියලුම කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් ඵලදායීව වී වගාව ඇතුළු කෘෂිකාර්මික බෝග වගාවන් සඳහා කඩිනමින් යොදවීම පිණිස “එක මිටට - ගොවි බිමට” වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමට උත්සාහ ගෙන ඇත.
මෙම වැඩසටහන යටතේ, වගා නොකරන ඉඩම් හඳුනා ගැනීම සහ ඒවා කෘෂිකාර්මික කටයුතු සඳහා යොදවීමට අවශ්‍ය පියවර ගැනීමට අදහස් කර ඇති අතර, එමගින් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ.
Related