කල්පිටිය උසාවියේ තිබූ බීඩිකොළ හොරෙන් පන්නලා
කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ බීඩි කොළ තොගයක් සොරකම් කළ බවට සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය වාර්තා කර...
https://www.sathhanda.com/2025/03/blog-post_52.html

කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ බීඩි කොළ තොගයක් සොරකම් කළ බවට සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය වාර්තා කරයි.
ඉකුත් පෙබරවාරි මස 16 වැනිදා රාත්‍රී කාලයේදී, කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගබඩා කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 150 ක් අඩංගු පොලිතින් උර 05 ක් අස්ථානගත වී තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව පොලිස් විශේෂ කාර්යංශයේ කල්පිටිය උප ඒකකයේ නිලධාරියකුට ලැබුණු තොරතුරක් අනුව, සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් කල්පිටිය - සේතාවාඩිය සහ මණ්ඩලකුඩාව ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇත.


Related