අනතුරින් පසු ඇති වූ මාරාන්තික ආරවුල

ඊයේ (08) රාත්‍රියේ දී යතුරුපැදි දෙක එකට ගැටී අනතුරක් සිදුව තිබුණි. එම අනතුරෙන් පසුව, පැදිකරුවන් දෙදෙනා අතර ආරවුලක් ඇතිවිය. එහිදී, 42 හැවිර...

අනතුරින් පසු ඇති වූ මාරාන්තික ආරවුල

ඊයේ (08) රාත්‍රියේ දී යතුරුපැදි දෙක එකට ගැටී අනතුරක් සිදුව තිබුණි. එම අනතුරෙන් පසුව, පැදිකරුවන් දෙදෙනා අතර ආරවුලක් ඇතිවිය. එහිදී, 42 හැවිරිදි පුද්ගලයෙකු විසින් 63 හැවිරිදි පුද්ගලයාට පහරදී තල්ලු කර ඇත. එම පහරෙන් බිම වැටුණු පුද්ගලයාගේ හිස කොන්ක්‍රීට් කොටසකට වැදී ඇති බවට පොලීසිය සැක කරයි. බිම වැටී ඇති ස්ථානයේ ලේ පැල්ලමක් ද දක්නට ලැබුණු බව වාර්තා වේ.

පසුව, අනතුරට ලක්වූ පුද්ගලයා රෝහලට ගෙන ගිය නමුත්, ඔහු මියගොස් සිටි බව පොලීසිය පැවසීය. වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ස්ථානය පරීක්ෂණය කරමින්, මියගිය පුද්ගලයාගේ දේහය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙස නියෝග කර ඇත.

42 හැවිරිදි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ කටයුතු වරකාපොළ පොලීසිය විසින් සිදුකරමින් පවතී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5512381062058502845

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item