එක්දින සටනේ ජයත් තර්ස්ටන් විද්‍යාලයට

කොළඹ තර්ස්ටන් හා ඉසිපතන විද්‍යාල අතර වාර්ෂිකව පැවැත්වෙන 'සහෝදරයන්ගේ සටන' එක්දින තරගයෙන් ලකුණු 176ක දැවැන්ත ජයක් ලැබීමට තර්ස්ටන් විද...

කොළඹ තර්ස්ටන් හා ඉසිපතන විද්‍යාල අතර වාර්ෂිකව පැවැත්වෙන 'සහෝදරයන්ගේ සටන' එක්දින තරගයෙන් ලකුණු 176ක දැවැන්ත ජයක් ලැබීමට තර්ස්ටන් විද්‍යාලය සමත්විය.

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී, පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලය පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 308ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත්, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉසිපතන විද්‍යාලයට පන්දුවාර 33.2කදී සියලු දෙනා දැවී රැස්කල හැකිවූයේ ලකුණු 132ක් පමණි.

දෙවිදුහල් අතර 45වන වරට පැවති එක්දින තරගය මෙය වේ. මෙම තරගයට පෙර, ඔවුනොවුන් අතර 62වන වරට පැවති තුන්දින තරගයෙන්ද කඩුලු 10ක පහසු ජයක් ලැබීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1525201486422970450

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item