මෛත්‍රීට සත්හඬ වෙතින් ප්‍රශ්න 10ක්

ඊයේ(14) මෛත්‍රීපාල ජනාධිපතු තුමාගේ විශේෂ ප්‍රකාශයට අනුව මහබැංකුවේ ඉතා විශාල ප්‍රමාණයේ අක්‍රමිකතාවයක් වීඇති බව තහවුරු විය. එහෙත් එහෙ...





ඊයේ(14) මෛත්‍රීපාල ජනාධිපතු තුමාගේ විශේෂ ප්‍රකාශයට අනුව මහබැංකුවේ ඉතා විශාල ප්‍රමාණයේ අක්‍රමිකතාවයක් වීඇති බව තහවුරු විය. එහෙත් එහෙ වගකීම මහබැංකු අධිපති හට සම්පුර්ණයෙන් පැවරීමට ඔහු කටයුතු කල අතර රනිල් වික්‍රමසිංහ මහතා ගලවාගැනීමට ඔහු උත්සහ කරන අයුරු ඔහුගේ කතාවෙන් පැහැදිලි විය.

එය ඔහුගේම වචනයෙන් "මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අස් වුණොත් හොඳ නේදැයි මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසුවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන මතු වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිට මම කිව්වේ ඔබට රටේ හොඳ නමක් තිබෙනවා. එහෙයින් බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන ලෙස කියන්න යනුවෙන්."

එමෙන්ම ඔහු තව දුරටත් පවසා සිටියේ රනිල් වික්රමසිංහ මහතාට විශවාස බංග යෝජනාව ගෙන ආ නිසා පාර්ලිමේන්තුව විසුරවා හැරිය බවය.

එසේ නම් අපහට නැගෙන ප්‍රධාන ප්‍රශ්නය නම්,
  1.  මෛත්‍රී ජනපති තුමා මහා පරිමාණයේ දුෂකයන් ආරක්ෂා කර්නාවද? එය යහපලනයද?
  2.  විශ්වාස බන්ගය නිසා පාර්ලිමේන්තුව විසුරව හරියේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයද? එය යහපලනයද?
  3. ඔබ ප්‍රධාන විශ්වාස බංග 3ක් ගෙන ඒමට ඉඩ නොදී පරිමේන්තුව විසුරවා හැරිය බව පිලි ගැනීමෙන් ඔබ ඔබගේ තනතුර අවභාවිතයේ යොදවා ඇති බව පිළිගන්නේද? එය යහපලනයද?
  4. ඔබ මධ්‍යස්තව වැඩ කරනවා නම්, ඔබ ඉහත කී දේවල් සිදු කලේ කෙසේද?
  5. ඔබ පක්ෂය දිනවන්නට ක්‍රියා නොකරයි නම්, එය දිනවන නායකත්වයකට නොදෙන්න ඇති හේතුව කුමක්ද?
  6. මහින්දවැඩි මනාප අරන් ජයග්‍රහණය කරනවා යන්න මොලයක් ඇති සියලු දෙනාටම තේරෙන සත්‍ය, ඔබට නොතෙරුනේද? නැති නම්, මහින්ද පරදිනවා යන්නෙන් අදහස් කලේ පක්ෂය පරදින බවද?
  7. එසේ පක්ෂය පරදින බව දන්නේ නම් ඔබ පක්ෂය ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂ නායකත්වය ලෙස ඔබ කරන්නට බලාපොරොත්තු වන දෙය කුමක්ද?
  8. ඔබ ප්‍රජාතන්ත්‍රවාදී නම්, සාදාරන නම් වැඩි කැමැත්තට ඉඩ නොදෙන්නේ කුමන හේතුවක් මතද?
  9. මේ කී නොකී කරුණු හේතුවෙන් ශ්‍රීලනිපයෙන්ම ඔබට විශවාස බංගයක් ගෙන එන එක වලක්වන්නට ඔබ එජාපය ජයග්‍රහණය කරවන්ට හොර රහසේ ක්‍රියා කරනවද?
  10. රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ නමක් තියෙනවා යන්නෙන් අදහස් කලේ කුමක්ද? 94 ට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීම් වෙනුවෙන් වගකිවයුත්තන්ට සමාව දුන්නේ කවදාද?

විශ්වරුප - සත්හඬ 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3224535165403154774

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item