දින 100ට කෝටි 68,000ක් ණය වෙයි

මේ වසරේ මුල් කාර්තුවේදී රුපියල් කෝටි 68,000ක දැවැන්ත ණය මුදල් ප‍්‍රමාණයක් ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙ...

මේ වසරේ මුල් කාර්තුවේදී රුපියල් කෝටි 68,000ක දැවැන්ත ණය මුදල් ප‍්‍රමාණයක් ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචිමාර්ග අනාවරණය කරන ආකාරයට මෙය පසුගිය වසරට වඩා සැලකිය යුතු ප‍්‍රතිශතයකින් මුල් කාර්තුවේ ණය ගැනීම් ඉහළ යාමකි. මුල් කාර්තුවේ සමස්ත ණය ගැනීම් ප‍්‍රමාණය රුපියල් කෝටි 68,425ක් වන අතර, ඒ අතරින්
භාණ්ඩාගාර බැඳුම්කර මඟින් ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 31,170කි. භාණ්ඩාගාර බිල්පත් මඟින් රුපියල් කෝටි 8,360ක්, ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මඟින් රුපියල් කෝටි 11,358ක් සහ ශ‍්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් මඟින් රුපියල් කෝටි 906ක්ද ආදී වශයෙන් ආණ්ඩුව මෙලෙස ණය ලබාගෙන තිබේ.
මේ අතර මේ වසරේ මුල් කාර්තුවේදී විදේශ බැංකු සහ ආයතනවලින් රුපියල් කෝටි 15,804ක ණය මුදල් ආණ්ඩුව ලබාගෙන ඇති බවද අදාළ ආරංචිමාර්ග වැඩිදුරටත් ස`දහන් කරයි.
 ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ ආණ්ඩුවද නිසි කළමනාකාරීත්වයකින් තොරව මුල්‍ය සැලසුම් සකස් කරන බවයි. ඊට උදාහරණයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ හදිසියේ ඉන්ධන මිල අඩු කළද, ඊට අදාළ බදු නිසි පරිදි ක‍්‍රමවත් නොකිරීම නිසා තෙල් සංස්ථාව බරපතළ ලෙස පාඩු ලැබීමයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5412714968312716705

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item