සන්ධාන මෛත්‍රී හිතවතුන්ට එජාප ආණ්ඩුවක් යටතේ ඇමති කම්.
විශ්වාස කටයුතුලෙස අපවෙත වාර්තා වන්නේ, මෛත්‍රී හිතවතුන් සියලුදෙනාට එජාපය යටතේ නාමයෝජනා ලබාගැනීමේ පැවතුන ගැටළු හේතුවන් ඔවුන්හට උපදෙස් දී...

https://www.sathhanda.com/2015/07/blog-post_801.html
විශ්වාස කටයුතුලෙස අපවෙත වාර්තා වන්නේ,
මෛත්‍රී හිතවතුන් සියලුදෙනාට එජාපය යටතේ නාමයෝජනා ලබාගැනීමේ පැවතුන ගැටළු හේතුවන් ඔවුන්හට උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා පාර්ලිමේන්තු පැමිණ එජාප ආණ්ඩුවක් පිහිටුවීමේදී සහය පල කරන ලෙසයි. ඒ වෙනුවෙන් ඇමති කම් ලබාදීමටත් එකඟ වී තිබේ. මීට අමතරව මොවුන්ගේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ මහින්ද ප්‍රමුක තමන්ද ඉල්ලන සන්ධානය පරාජය වන ආකාරයට මැතිවරණය මෙහෙයවීමත් තමන් වැඩි මනාප ප්‍රමානයක් ගෙන පාර්ලිමේන්තුවට පමිනීමත්ය.
පසුගියදා මෛත්‍රී ජනාධිපතිගේ ප්‍රකාශයෙන් පසුව රාජිත ඇතුළු සන්ධානයේ මෛත්‍රී පාර්ශ්වය අතර හමුවක් කොළඹට අසන්න නිවසක සාකච්චාවක් පවත්වා ඇත. එහිදී තම තමන්ගේ වගකීම් සහ හිටපු ජනපතිනිය මැතිවරණයේදී යොදා ගන්නා ආකාරය ගැනද සාකච්චා වී තිබේ. එහිදී අනුරාධපුරය නියෝජන කරන හිටපු ඇමති කෙනකුගේ අදහස වී තිබුනේ චන්ද්‍රිකා එජාපයේ වේදිකාවල මෙන්ම මෛත්‍රී හිතවතුන්ගේ සන්ධාන වේදිකාවලටද නැගිය යුතු බවය.
Related