අප විජයග්‍රාහී ගමනක නිරත වෙමින් සිටිනවා - දිනේෂ් ගුණවර්ධන සමග කල සාකච්චාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව නැවත දේශපාලනයට කැන්දාගෙන ඒමට ප්‍රමුඛ කාර්යභාරයක්‌ ඉටු කළ පිරිස අතුරින් මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව නැවත දේශපාලනයට කැන්දාගෙන ඒමට ප්‍රමුඛ කාර්යභාරයක්‌ ඉටු කළ පිරිස අතුරින් මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරියෙන්ම සිටින්නෙකි. ඉදිරි දේශපාලනයේ තොරතුරු පිළිබඳ zදිවයිනZ ඒ මහතා සමඟ කළ සාකචඡාවකි මේ.

ප්‍රශ්නය(- හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත දේශපාලනයට කැන්දාගෙන පැමිණීමේ සාර්ථක අසාර්ථක භාවය කෙසේද?

පිළිතුර(- එම ගමන ඉතා සාර්ථකයි. කිසිදු අසාර්ථකභාවයක්‌ නැහැ. අප විජයග්‍රාහී ගමනක නිරත වෙමින් සිටිනවා. ඒ ගැන කිසි සැකයක්‌ සංකාවක්‌ නැහැ.

ප්‍රශ්නය(- මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව තිබියදීත් ඔහුව නැවත දේශපාලනයට කැන්දාගෙන පැමිණියේ ඇයි?

පිළිතුර(- මහින්ද රාජපක්‍ෂ මහතා ජනවාරි අටවැනිදා එම ඡන්දයෙන් පරාජයට පත්වුවත් ඔහුට හිමිවූ ඡන්ද පනස්‌ අට ලක්‍ෂය හා ඒ තුළ ආසන අනූ එකක්‌ ජයග්‍රහණය කිරීම මහින්ද රාජපක්‍ෂ මහතා වෙත තිබූ ජනතා කැමැත්ත නිරූපණය කළා. අපට අවශ්‍ය වුණේ එම දේශපාලන බලය මහජන ව්‍යාපාරයක්‌ බවට පත් කිරීමටයි.

ප්‍රශ්නය(- නමුත් අවසාන ඉලක්‌කය වන මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමේ කාර්යය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකමැත්ත ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා නේද?

පිළිතුර(- ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන ආන්දොaලනයක ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. ඡේ. ආර්. ජයවර්ධන මහතා ගැනත් ඔහොම කිව්වා. ඩඩ්ලි සේනානායක මහතා සිටියදීත්. නමුත් ඡේ. ආර්. ජයවර්ධන මහතා කිව්වා වඩා සුදුස්‌සා ඩඩ්ලි. ඒ නිසා ඔහුට එම තනතුර දෙන්න කියා. ඉතින් ඔය කවුරු හිටියත් ඒ සියලු දෙනා පිළිගෙන තිබෙනවා සුදුස්‌සා මහින්ද රාජපක්‍ෂ මහතා බව. ඒ නිසා කිසි ගැටලුවක්‌ ඒ ගැන නැහැ.

ප්‍රශ්නය(- මහ මැතිවරණයෙන් බහුතරයක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කළහොත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවීම ස්‌ථිරයිද?

පිළිතුර(- ස්‌ථිරයි. කිසිම වෙනසක්‌ ඇතිවීමට හේතුවක්‌ හෝ ක්‍රමවේදයක්‌ නැහැ.

ප්‍රශ්නය(- ඔබතුමාගේ අදහස එය වුවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ මහ මැතිවරණයෙන්පසු ජාතික ආණ්‌ඩුවක්‌ නිර්මාණය කරන බවයි.

පිළිතුර(- ඔහු ජාතික ආණ්‌ඩුවක්‌ ගැන කථා කරන්නේ එජාපයට තනිවම බහුතරයක්‌ ලබාගත නොහැකි බව දැන්ම දැනගෙන ඇති නිසා මිස සැබෑ ලෙස ජාතික ආණ්‌ඩුවක්‌ නිර්මාණය කිරීමේ අවශJතාවය අනුව නෙමෙයි. එම කථාවේ අනෙක්‌ සැඟවුණ සත්‍යය වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ සන්ධානය ජයග්‍රාහී ගමනක නිරතව ඇති බවයි.?

ප්‍රශ්නය ( රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික ආණ්‌ඩුවක්‌ ස්‌ථාපිතකිරීමේ හැකියාවක්‌ නැහැයි කියලද ඔබතුමා සඳහන් කරන්නේ.

පිළිතුර( රනිල් වික්‍රමසිංහ මහතාට තනිව ජයගත නොහැකියි. ඒ වගේම ව්‍යවස්‌ථාව අනුව ඔහුට ජාතික ආණ්‌ඩුවක්‌ නිර්මාණය කිරීමටත් හැකියාවක්‌ නැහැ. ප්‍රධාන පක්‍ෂයට පමණයි හවුල් ආණ්‌ඩුවක්‌ තැනිය හැක්‌කේ එය 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ සඳහන්.

ප්‍රශ්නය(- දෙමළ ජාතික සන්ධානය පසුගියදා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කළා.

පිළිතුර(- ඔව්. එය රටේ ස්‌ෙෙරීත්වයට, ජාතික ආරක්‌ෂාවටත් බරපතළ තර්ජනයක්‌. එම ප්‍රකාශනයේ සඳහන් කරුණු අප ප්‍රතික්‌ෂේප කරනවා. ෙµඩරල් ආණ්‌ඩුවක්‌ උතුරු නැගෙනහිර පත්කිරීම, ස්‌වයං නිර්ණ අයිතිය, අපගේ රණවිරුවන් යුධ අධිකරණයට ගෙන යැම වැනි බරපතල රට අනුමත නොකරන ප්‍රකාශ එහි තිබෙනවා. අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්‌ෂේප කරනවා. නමුත් දෙමළ හා මුස්‌ලිම් ජනතාවට ඉටුවියයුතු ජයග්‍රහණ අපගේ ව්‍යවස්‌ථාව යටතේ ඉටුකර දීමට අප කැපවී කටයුතු කරනවා.

ප්‍රශ්නය(- යහපාලන ආණ්‌ඩුව ජනාධිපතිවරයා යටතේ ලබාදුන් පොරොන්දු මල්ල ඉටුකිරීම හෝ නොකිරීම ගැන ඔබගේ අදහස කෙබඳුද?

පිළිතුර(- ඔවුන් ජනාධිපතිවරණයේ දුන් පොරොන්දු ප්‍රොaඩාවක්‌ බව ඔප්පු වී හමාරයි. ජනතාව මුලා කර ඡන්ද ලබා ගැනීමටයි ඔවුන් පොරොන්දු ලබාදී තිබෙන්නේ. යහපාලනය සම්පූර්ණ මිත්‍යා වචනයක්‌ බවට ඔප්පු වී හමාරයි. මුදල් ඇමැතිතුමන් පාතාල සාමාජිකයෝ සමඟ කරන ගනුදෙනුව තුළින් එය තවදුරටත් ඔප්පු වී හමාරයි. ඊට වඩා නිදර්ශන කුමටද?

ප්‍රශ්නය(- ජාතික ආරක්‌ෂාව අනතුරේ වැටී ඇති බව ඔබ පවසා තිබුණා.

පිළිතුර(- ඔව්. එජාප ආණ්‌ඩුව ජාතික ආරක්‌ෂාව අනතුරට හෙළා තිබෙනවා. එජාපය ආණඩුව බලයට පත්වූ විට වැදගත් ආරක්‌ෂක ස්‌ථාන උතුරේ, හමුදා කඳවුරු පනස්‌ අටක්‌ ඉවත්කරගෙන තිබෙනවා. රට හැර ගොස්‌ සිටි දරුණු පාතාල සාමාජිකයන් නැවත මෙහි පැමිණ තිබෙනවා. මේ සියල්ල ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌.

ප්‍රශ්නය(- හොඳයි. මැතිතුමා... ඔබලා නව රජයක්‌ නිර්මාණය කිරීමෙන් හැකියාව තිබුණොත් ජනතා පැතුම් ඉටුකළ හැකි වෙයි කියා සිතනවද?

පිළිතුර(- ඔව්. අනිවාර්යෙන්ම අපට එය කළ හැකියි. මෙම ආණ්‌ඩුවට කළ නොහැකිවූ රටට අවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ කිරීමට අප කටයුතු කරනවා.

ප්‍රශ්නය( මොන වගේ සංශෝධනයන් කිරීමට ද බලාපොරොත්තු වන්නේ.

පිළිතුර( මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමට කටයුතු කරනවා. විධායක බලතල විශාල ප්‍රමාණයක්‌ ඉවත් කිරීමට කටයුතු කරනවා. එසේම පාලන තන්ත්‍රයේ විශාල ප්‍රතිසංස්‌කරණයක්‌ ඇති කිරීම තුළින් පාර්ලිමේන්තුව වඩාත් හොඳ තැනක්‌ බවට පරිවර්තනය කිරීම කරනවා.

ප්‍රශ්නය(- ජනතාවට ඔබ දෙන පණිවිඩය කුමක්‌ද?

පිළිතුර(- අප රටට ආදරයක්‌ ඇති. අප රටේ අනාගතය ආරක්‌ෂා කර ගැනීමට ඕනකමක්‌ ඇති සැවොම එ ක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ඡන්දය භාවිතාකර මහින්ද රාජපක්‍ෂ මහතා රටේ අගමැතිවරයා ලෙස පත්කර ගන්නැයි ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6671182400884174251

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item