එක්නැලිගොඩ විමර්ශන : 'ඊ නිව්ස්' කර්තෘ කලබල වේ (ලංකා ඊ නිව්ස් සහ මිරර් ගැටුම)

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳව ලොවට පෙනෙන්නට කිඹුල් කඳුළු හෙලු ලංකා ඊ නිව්ස් කතෘ සඳරුවන් ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳව යමක් දන...

එක්නැලිගොඩ විමර්ශන : 'ඊ නිව්ස්' කර්තෘ කලබල වේ
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳව ලොවට පෙනෙන්නට කිඹුල් කඳුළු හෙලු ලංකා ඊ නිව්ස් කතෘ සඳරුවන් ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳව යමක් දන සිටි බවත් දැන් ටිකෙන් ටික එලියට එමින් පවතී. සඳරුවන් බුමිතෙල් ගෑ වුනු ගැරඩියා සේ දැගලීමට හේතුව පහත දැක්වෙන "ශ්‍රීලංකා මිරර්" හි පළවූ ලිපියකින්  තෙරුන් ගත හැකිය.


'ලංකා ඊ නිවුස්‌' මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වෙනතකට යොමු කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පළමු වරට අනාවරණය කරනු ලැබුවේ 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවියයි.

එහි ප්‍රධාන සැකකරුවන සුමතිපාල සුරේෂ් කුමාර් නැමැත්තා විසින් හෙළිකර ඇති තොරතුරුවලට අනුව, පසුගිය කාලයේ සිදුවූ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් කරුණු රාශියක් අනාවරණය වී ඇත.

සුමතිපාල සුරේෂ් කුමාර් ?

සුමතිපාල සුරේෂ් කුමාර් ගේ පියා සිංහල ජාතිකයෙකි. මව දෙමළය. ඔහුට චතුර ලෙස සිංහල බස හැසිරවීමේ හැකියාවද ඇතැයි පැවසේ.

වසර 1985 දී ඔහු එල්.ටී.ටී.ඊ.යට එක්ව ඇත. ඔහුගේ මව නාවික හමුදා ප්‍රහාරයකින්ද පියා යුද හමුදා ප්‍රහාරයකින්ද මියගොස් ඇත.

ඔහු එල්.ටී.ටී.ඊ.යට එක්ව ඇත්තේ වයස අවුරුදු 16දීය.

ඉන්දියන් සාම සාධක හමුදාව මෙරටට පැමිණීමෙන් පසු සුමතිපාල සුරේෂ් කුමාර එම හමුදාව විසින් අටවන ලද බිම් බෝම්බයකට හසුවී පාදය අහිමි වී තිබේ.

එතැන් පටන් ඔහු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයට අනුයුක්ත කර ඇත.

එහිදී එම සංවිධානය විසින් 'තවෙන්ද්‍රන්' නමින් ඔහුව හඳුන්වා ඇත.

පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. නැගෙනහිර සන්නද්ධ නායකයාව සිටි 'රාම්' යටතේ, ත්‍රිකුණාමලයේ එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශය භාරව සිට ඇත්තේ 'තවෙන්ද්‍රන්' බව සඳහන්ය.

හමුදා අත්අඩංගුව යටතේ :

යුද්ධය අවසන් වීමත් සමග 2009 වසරේදී 'රාම්' හා 'තවෙන්ද්‍රන්' හමුදාවට භාරවී වසර දෙකහමාරක් පමණ කාලයක් යුධ හමුදා බුද්ධි අංශය සමග හමුදා කඳවුර තුල සිටිමින් සේවය කර තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා තමාට හදුන්වා දුන්නේ හිටපු එජාප මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා බවත්, ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී ම එක්නැලිගොඩ මහතාගේ ගොවිපලක දී ඔවුන් හමුවූ බවත් 'තවෙන්ද්‍රන්', මේවනවිට අනාවරණය කර ඇත.

මොහුගේ 'පාපොච්චරණයන්' මත ඉදිරි දින කිහිපයේදී ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු ගෙන්ම ප්‍රශ්න කිරීමට නියමිතය.

බළලා මල්ලෙන් එලියට පනී :

මේ අතර, එක්නැලිගොඩ මහතා සේවය කල 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතා, සිය වෙබ් අඩවියේ විශේෂ වාර්තාවක් පල කරමින් කියා සිටින්නේ, එක්නැලිගොඩ මහතා විසින් ලියූ ‘රාජපක්ෂ පවුල් ගස‘ පොතක් නිසා මෙම අතුරුදහන්වීම සිදුව ඇති බවයි.

එම පොත් මුද්‍රණයටත් පෙර පොතේ අත්පිටපතක් මංගල සමරවීර මහතාගේ හිටපු ලේකම්වරයකු වූ රුවන් ප්‍රදිනන්දිස් මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දී ඇතැයි ද 'ලංකා ඊ නිව්ස්' කතුවරයා චෝදනා කරයි.

එම චෝදනාව සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩල උපදේශක රුවන් ප්‍රදිනන්දිස් මහතා ගෙන් කල විමසීමකදී, ඔහු කියා සිටියේ එක්නැලිගොඩ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් කලබලයට පත්ව සිටින 'ලංකා ඊ නිව්ස්' කතුවරයා, එම විමර්ශන වෙනතක යොමුකිරීම සඳහා බරපතල කුමන්ත්‍රනයක යෙදී සිටින බවයි.

එක්නැලිගොඩ සම්බන්ධ නැහැ :

මංගල සමරවීර මහතා එකල නියෝජනය කල 'ශ්‍රීලනිප මහජන පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත්කළ ‘රාජපක්ෂ පවුල් ගස‘ පොත සංස්කරණයට හෝ එහි කිසිඳු කාර්යකට එක්නැලිගොඩ මහතාගේ සම්බන්ධයක් නොතිබූ බවද රුවන් ප්‍රදිනන්දිස් මහතා අවධාරණය කර සිටියේය.

තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග නාරාහේන්පිට අභයාරාමයේදී රහස් සාකච්ජාවක් පැවැත්වූ බවට 'ඊ නිව්ස්' කතුවරයා මීට පෙර පළකල කිසිඳු පදනමකින් තොර අභූත වාර්තාව සිහිපත් කල ප්‍රදිනන්දිස් මහතා, ඒ සම්බන්ධයෙන් තමා විසින් යොමුකළ පිළිතුරු ලිපිය පවා ප්‍රකශ කිරීමට මොහු සදාචාරාත්මක නොවූ බව ඔහු කියා සිටියේය.

එසේම, තම කාර්ය මණ්ඩලයේ සේවය කල එක්නැලිගොඩ මහතාට 'ලංකා ඊ නිව්ස්' කතුවරයා අවසන් කාලයේ කල නොසලකා හැරීම් අතිශය නින්දාසහගත බවද ප්‍රදිනන්දිස් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7402605841292933592

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item