එජාපයේ මුක පූට්ටු වෙන, ගම්මන්පිල දැකපු එජාප මැතිවරණ ප්‍රකාශනයේ වැරදි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන "පංච විධ ක්‍රියාවලිය" තුළ පවතින වැරදි 07ක් පෙන්වා දීම උදෙසා උදය ගම්මන්පිල මහතා සහ තව...

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන "පංච විධ ක්‍රියාවලිය" තුළ පවතින වැරදි 07ක් පෙන්වා දීම උදෙසා උදය ගම්මන්පිල මහතා සහ තවත් 7 දෙනෙකු ඊයේ (07) කොළඹ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මෙහි දී ඔවුන් පවසා සිටියේ එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය "පොඩි එකාගේ රචනය" බඳු බවත් එය තුළ අඩුපාඩු ගණනාවක් ඇතත් ප්‍රධාන වැරදි 07ක් පමණක් මාධ්‍ය හමුවේ දී මතුකරන බවත් ය. එමෙන්ම එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය "පංච විධ ක්‍රියාවලිය" ලෙස හඳුන්වා තිබුණ ද එයට වඩාත් ගැලපෙන්නේ "පච විධ ක්‍රියාවලිය" යන නාමය බව ද ගම්මන්පිල මහතා මෙහි දී ප්‍රකාශ කළේ ය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ගම්මන්පිල මහතා ඇතුළු පිරිස පෙන්වා දුන් එජාප ප්‍රතිපත්ති ප්‍රකාශණයේ වැරදි 07 මෙසේ ය.

1. 2015 ජනාධිපතිවරණයේ දී එජාපය සමග එක්ව සිටි සියළුම පක්ෂ මෙවර මැතිවරණය සඳහා ද ඔවුන් සමග සිටින බව "පංච විධ ක්‍රියාවලිය" ප්‍රකාශණයෙහි සඳහන් වේ. නමුත් ජනාධිපතිවරණයේ දී එජාපය හා එක් වූ ප්‍රධාන පක්ෂ වන දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙවර තරග කරන්නේ වෙන වෙනම යි.

2. දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනගන බව මෙහි සඳහන් වේ. එහෙත් එය ගොඩනගන්නේ කෙසේ ද යන්න මෙහි ඇතුලත් නොවේ. එබැවින් එය හුදෙක් සුන්දර වචනයක් පමණි.

3. රාජ්‍ය අංශයේ සියළු ව්‍යාපාර එක් සමාගමක් යටතට පත් කිරීමට යෝජනා කිරීමෙන්, රාජ්‍ය අංශය දියකරන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩ නැඟීමට සූදානම් වන බව පළමු පිටුවේ සහ 10 වෙනි පිටුවේ අඩංගු කරුණුවලින් අනාවරණය වේ.

4. 17 වෙනි පිටුවේ සඳහන් වන මෙගාපොලිස් වැඩසටහන මඟින් නාගරීකරණයේ අයහපත් ප්‍රතිඵලයක් වන මෙගලොපොලිස් නොහොත් අවිධිමත් දැවැන්ත නාගරික බිහි වේ. නමුත් ලොව පුරා උපාය මාර්ගය වී ඇත්තේ නාගරීකරණය හැකි තාක් අවම කර සංවර්ධනය ගමට ගෙන යාම යි.

5. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කරන බව 19 වන පිටුවේ සඳහන් වේ. සියවසකට අධික කාලයක් මෙරට භුක්ති විඳි නිදහස් සෞඛ්‍ය සේවාව අහිමි කිරීමේ පළමු පියවර මෙය යි.

6. ණයගැති බවින් තොර දේශයක් 2023 දී බිහිකරන බව 10 වන පිටුවේ සඳහන් වේ. නමුත් ලොව අධි ඉල්ලුමක් පවතින ස්වභාවික සම්පත් හිමි රටවල් අතලොස්සක් හැර අනෙක් සෑම රටක්ම පාහේ ණය ලබා ගනී. අමෙරිකාව, චීනය, ජපානය වැනි ආර්ථික අතින් ශක්තිමත් රටවල් ද ණය ලබා ගන්නා රටවල් අතර පෙරමුණේ සිටියි. එබැවින් ශ්‍රී ලංකාව වැනි රටක් ණය ලබා නොගැනීම යන්නෙන් අදහස් වන්නේ සංවර්ධන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නවත්වන බව යි.

7. අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරන බව 21 පිටුවේ දක්වා ඇත. එසේනම් එම කාරණාවට අනුව දරුවන් සමත් අසමත් කරන පළමු විභාගය වන අපොස සාමාන්‍ය පෙල විභාගය පවත්වනු ඇත්තේ 13 වසරේ දී ය. මෙය දරුවන්ගේ ජීවිතයෙන් කාලය නාස්ති කිරීමකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2847832167165840853

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item