මම බෙදුම්වාදයට විරුද්ධයි, හැබැයි ජාතිවාදියෙක් නෙවෙයි - මහින්ද සමග සාකච්චාවක්
ඡන්ද සටන උණුසුම් වෙමින් පවතී. ජයග්‍රාහකයා පිළිබඳ එක එක අනාවැකි පළවෙයි. අගමැති පොරයේ ප්‍රබල චරිත අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...
https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksa-mawbima-interview.html
ඡන්ද සටන උණුසුම් වෙමින් පවතී. ජයග්‍රාහකයා පිළිබඳ එක එක අනාවැකි පළවෙයි. අගමැති පොරයේ ප්‍රබල චරිත අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පෙරමුණේ සිටියි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ 'මව්බිම' පුවත් පත සමග කල සාකච්චාවකි.
• විශාල වැඩි ඡන්ද ගණනකින් හම්බන්තොටින් දිනලත් ඇයි කුරුණෑගලින් ඉල්ලන්නේ?
මට කුරුණෑගලින් විතරක් නෙවෙයි රත්නපුරෙන්, අනුරාධපුරෙන්, ගම්පහින්, ගාල්ලෙන් ආරාධනා ලැබුණා. විශේෂයෙන්ම මට තරග කරනවානම් වැඩි ආසන ගණනක් තියෙන දිස්ත්‍රික්කයකින් තරග කරන්න කියලා තමයි හැමෝම කිව්වේ. ඉතින් ඒ නිසයි කුරුණෑගලින් ආවේ.
• ඔබ කුරුණෑගලට ගිය නිසා හම්බන්තොට හිටපු ඔබේ ආධාරකරුවෝ තනිවුණා නේද? සමහරු සජිත් ප්‍රේමදාස මහත්තයට එකතු වුණා කියලා කතාවකුත් තියෙනවා.
මම ආවට නාමලුයි, චමලුයි එහෙ ඉන්නවා. සජිත්ට කවුරුත් එකතු වෙලා නැහැ.
• ඔබතුමා කියනවා අවුරුදු දෙකක් තියාගෙන මම පණ්ඩිතකමක් කළා කියලා. ඇත්තටම ඒක පණ්ඩිතකමක්ද?
ඒක ඇත්තටම මම වේදිකාවට ගැළපෙන විදියට කියපු කතාවක්. අපිට හැම වෙලාවෙම අවශ්‍ය වුණේ ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැඟීම. අවුරුදු දෙකකට කලින් යන්න හිතුවේ ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේ විශ්වාසය තවත් තහවුරු කරන්නයි. ඒක තමයි ඇත්ත කතාව. ඒක තනි තීන්දුවක් නෙවෙයි. හුඟක් අය කිව්වා මගේ මැතිවරණය තියලා පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය තියමු කියලා. හැබැයි ඡන්දෙ කලින් තියනවට විරුද්ධ වුණු පිරිසකුත් හිටිය.
• ඔබතුමා ජේයාතිෂය විශ්වාස කරලා කලින් ඡන්දය තිබ්බා කියලයි සමහරු කියන්නේ.
දිනය පිළිබඳවනම් සමහර විට ඒ වගේ කතාවක් වෙන්න ඇති. අවුරුදු දෙකකට කලින් ඡන්දය තියපු එකයි ජේයාතිෂයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ.
• ඔබතුමා උතුරු වසන්තය, නැඟෙනහිර නවෝදය වගේ සංවර්ධන ව්‍යාපෘති කළත් ඇයි ඔබට උතුරේ ඡන්ද නොලැබෙන්නේ?
අපිට අවශ්‍ය වුණේ සංවර්ධනයේ ප්‍රතිලාභ රට පුරාම යවන්නයි. එජාපය වගේ කොළඹ විතරක් දියුණු කරන්න අපි උත්සාහ කළේ නැහැ. රජයට වගකීමක් තියෙනවා අවුරුදු 30ක යුද්දෙන් පසුබාපු රට වගේම විශේෂයෙන්ම උතුර- නැඟෙනහිර පළාත් සංවර්ධනය කරන්න.
• ජාතික ගීය වෙනත් භාෂාවකින් ගායනා කිරීම ගැන ඔබේ අදහස මොකක්ද?
දැන් බලන්න ඉන්දියාවේ භාෂා කීයක් පාවිච්චි කරනවද? ඒ භාෂා හැම එකකටම ජාතික ගීයක් ගාණේ දුන්නනම් වෙන වැඩක් වෙන එකක් නැහැනේ. තාමත් මම විශ්වාස කරන්නේ රටක තියෙන්න ඕන එක ජාතික ගීයක් විතරයි. ඒක රටම පිළිගත්තු දෙයක්නේ. ඇයි අපි ඒක වෙනස් කරන්නේ? ජාතික ගීය එක එක විදියට බෙදලා කතා කරන්න ගියොත් රට සමඟි කරන්නේ කොහොමද?
• දැන් ඔබේ ඡන්ද ව්‍යාපාරය මහ ජාතිය පදනම් කරගෙන යන වැඩසටහනක් කියලා සමහරු කියනවනේ.
මහ ජාතිය සුළු ජාතිය කියන දේවල් මම සලකන්නේ නැහැ. මම ඒක ඉස්සරත් කිව්වා. මම කියන්නේ සියලුම ජාතීන් එක සමානයි. තමන් සුළු ජාතියක් කියලා හිතන්න පටන් ගත්තොත් එතකොට තමයි ඔය ප්‍රශ්න එන්නේ. පුරවැසියන් කියලා හිතනවනම් මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. පසුගිය වතාවේ දෙමළ ජනතාවට අපි ගැන තිබුණු විශ්වාසයට වැඩි විශ්වාසයක් අද වෙද්දි ඇතිවෙලා තියෙනවා. මොනවා වුණත් දෙමළ ජනතාවගේ ඡන්ද 40,000ක් ලැබුණට පසුගිය වතාවේදී ඒ වගේ දෙගුණයක් ලැබුණා. ඒ කියන්නේ යම්කිසි දේශපාලන වෙනස්වීමක් ඔවුන් තුළ ඇතිවෙමින් පවතිනවා කියන එකයි.
• ඇත්තටම කියන්න ජනාධිපතිවරණය පැරැදිලා මැදමුලනට ගිහින් ආපසු ඡන්දෙට ආවේ ඇයි කියලා?
ජනතාව එපා කියද්දි අපි යනවා. ඕන කියද්දි ආපහු එනවා. වෙන මොකක්ද කරන්න තියෙන්නේ. මම අහන්නේ ඒක වරදක්ද? මම අවුරුදු හතළිස් ගාණක් දේශපාලනය කරල තිබෙනවා. හැබැයි අපිට මතක ඇති කාලයක් තුළ දේශපාලන නායකයන් ඕන කියලා පෝලිම් හැදිලා මිනිස්සු ඒ නායකයගේ ගෙදරට ගිහින් නැහැ.
• ඔබතුමා 2005දී බලයට පත්කරන්න ඔබ සමඟ හිටපු බලවේග පැත්තකට දාලා ඔබ එජාපයේ අය ළං කරගත්තා කියලා චෝදනාවක් තියෙනවා නේද?
ඒ බලවේග මාත් එක්ක හිටියා. ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමනෙ අපි මූලිකව කල්පනා කළේ. මම 56ක් එක්ක ආණ්ඩුව පිහිටුවලා අපි ඒක වැඩිකළා. අපි කවුරුත් අපි එක්ක හිටපු අයව අයින් කළේ නැහැ. දැන් ගිහින් තියෙන්නෙත් වෙන පිරිසක් නේ. ඒ අය අවුරුදු දෙක තුනක ඉඳලා සැලැස්මකට අනුව වැඩ කළා කියලා ඒ අයම කියනවනේ. ඒ අයම කියනවනේ දැන් අපි කුමන්ත්‍රණ කළා, අපි තව කට්ටියක් එක්ක සාකච්ඡා කළා, ඉන්දියාවත් එක්ක සාකච්ඡා කළා, අපි ඇමෙරිකාවෙන් මේක පටන් අරගෙන ඇවිත් සිංගප්පූරුවෙන් තමයි ලැබුණු වාසි බෙදාගත්තෙ කියලා.
• ඔබතුමා ශ්‍රී ලනිපයේ පරණ අයට සැලකුවේ නෑ කියලා චෝදනාවක් තිබුණනේ.
මම තරම් පරණ අයට සලකපු වෙන කෙනෙක් නැහැ. අලෙවි මවුලානා, කමලා රණතුංග, සූරියප්පෙරුමට සැලකුවේ අපි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරපු විදිය ගැන මට හො¼ද දැනීමක් තියෙනවා. එහෙම දන්න මගේ කාලය තුළ එහෙම දෙයක් සිදුවුණා කියලා කවුරු හරි කියනවා නම් ඒක මුල අමතක කරපු තමන්ගේ අම්මව පවා අත ඇරපු අය කරන බොරු චෝදනාවක් විදියට මම ඒක ප්‍රතික්ෂේප කරනවා. මේකෙ ඇත්ත කතාව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ දන්නවා. කලකදි පක්ෂය කඩාගෙන එළියට ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව පක්ෂ හදාගෙන වැඩකරපු උදවිය තමන්ගේ අම්මගෙ ප්‍රජා අයිතිය අහෝසි කරපු නායකයන් එක්ක එකට සහයෝගයෙන් වැඩකරපු විත්තිය හැමෝම දන්නවා. මම කවදාවත් එහෙම කරලා නැහැ. මම හැමදාම බණ්ඩාරනායක මහත්තයාටත් බණ්ඩාරනායක මැතිනියටත් විතරක් නෙවෙයි පක්ෂය හදන්න කර උර දීපු හැමෝටම ගරු කරපු කෙනෙක්.
• අනාගතයට සහතිකයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබේ එකක්ද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ එකක්ද?
මේක ජනතාවගේ ප්‍රකාශනයක්.
• ඔබතුමා එක වෙලාවක කිව්වා මම වැරැදි කළා කියලා. ඒ වැරැදි මොනවද?
එකක් තමයි සජිත් ප්‍රේමදාසගෙ අක්කා හොර සල්ලි එක්ක අහුවුණු වෙලාවේ පැය 24ක් යන්නත් කලින් එළියට දැම්මා. මම හිතනවා ඒක වැරැද්දක් කියලා.
• ඒ කියන්නේ ඔබ පොලිසියටත් බලපෑම් කළා?
නෑ. එහෙම දෙයක් වුණාම මම කිව්වේ සාධාරණයක් කරන්න කියලයි. මොකද ඇය හිටපු ජනාධිපතිවරයෙක් වගේම මිනිසුන්ගේ හිත් දිනාගත්තු කෙනකුගෙ දුවක්නේ. ඕක තමයි මම කිව්වේ වැරැද්දක් කළා කියලා. ඕවා මීට පස්සෙ වෙන්නේ නැහැ.
• අර ඔබතුමා ළඟ තියෙනවා කියපු ෆයිල් මිටිය අගමැතිතුමාට දීලද?
නෑ. ඒ ටික අරගෙන ආවා. මට ආපු ෆයිල් අස්සන් කරලා ආපහු යැව්වා.
• පසුගිය අවුරුදු 05 ඇතුළත නීතියේ ආධිපත්‍යය බිඳවැටුණ කියල කතාවකුත් තියෙනව නේද? ටෙන්ඩර්වලට, පොලිසිවලට අරලියගහ මන්දිරෙන් බලපෑම් ආව කියලත් කියනවනේ.
ඒක පට්ටපල් බොරු, ඒ වගේ සිද්ධි වුණේම නැහැ. මේව මඩ ගහන්න ඕන වුණාම කියන කතා. මේ අය කතා කරන්නේ ඔක්කොම ටෙන්ඩර් මම ඕපන් කළා වගේනේ. නීතියේ ආධිපත්‍ය 88 / 89 කාලේ තිබුණේ කොහොමද කියලා දැන් අය දන්නෙත් නැහැනේ. එදා කොල්ලො ටයර් සෑයවල්වල පුච්චපු හැටි, වෙඩි තියලා එල්ලල මරපු හැටි දැන් ඉන්න අය දන්නේ නැහැනේ. එක නෝනා කෙනකුගේ පින්තූරයක් ගත්තු ඡායාරූප ශිල්පියෙක් අනතුරකින් මැරුණා. හැමෝම දන්නවනේ අනතුර වුණේ කොහොමද කියලා. ඒ නෝනා ස්විමින් පුල් එකේ පීනනවද, කිමිදෙනවද කියලා ෆොටෝ එකක් ගත්ත කියලනේ ඒක කළේ.
මගේ කාලේ රට අතඇරලා පැනලා ගියපු අය දැන් ආපහු ගෙන්නගෙනනේ. තව කට්ටියක් රිමාන්ඩ් එකේ හිටියේ. අපේ කාලයේ ඇප දුන්නත් ඒ අය එළියට ආවේ නැහැ. දැන් ඔක්කොම එළියට අරගෙන අපේක්‍ෂකයෝ ළඟ තියාගෙන.
• ඇත්තටම කියන්න ඔබ ළඟ හිටපු අය ඔබව විවේචනය නොකර ඔබ ගැන ස්තෝත්‍ර ගායනා කළාලු නේද?
කවුද කියන්නෙ. වාසුල, දයාන්ල මාව හොඳට විවේචනය කළා. ඒ විවේචනවලින් පස්සෙ මම අඩුපාඩු තිබුණු දේවල් හදාගත්ත. ගණන් ගන්නෙ නැතුව බැහැර කරපු විවේචනත් තිබුණ.
• පරාජිත ජනාධිපතිවරණයෙන් මාස හයකට පස්සෙ එන මහ ඡන්දය දිනයි කියලා විශ්වාසෙන්ම කියන්නෙ කොහොමද?
මාස හය ඇතුළත යහපාලන ආණ්ඩුවේ රඟේ මිනිසුන්ට තේරිලා තියෙනවා. ජනවාරි 08 වැනිදා වෙද්දි රනිල්ල කියපු දේවල් බොරු කියලා මිනිසුන්ට තේරිලා තියෙනවා. ඒකයි අපි විශ්වාසෙන්ම කියන්නේ ජනවාරි 08 වැනිදා රැවටුණු මිනිස්සු මේ වෙද්දි ඇත්ත තේරුම් අරගෙන අපිට ඡන්දෙ දෙනවා කියලා. ඒ නිසයි අපි දිනනවා කියලත් කියන්නෙ.
• මුලින්ම යහපාලනය එක්ක එකතු වුණ ශ්‍රී ල. නි. ප. බහුතරය තාම අනෙක් පැත්තේ. ඒ කියන්නෙ ඇත්තටම ප්‍රශ්නයක් ඔබ එක්ක තියෙනවා කියන දේ නේද?
ඒක වැරැදියි. කිහිප දෙනෙක් හැරුණුකොට අනිත් හැමෝම අපිත් එක්ක. රට ගැන හිතන මිනිස්සු අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා. පෞද්ගලික අරමුණු වෙනුවෙන් ගිය මිනිස්සු පක්ෂෙ දාල ගියා.
•මෛත්‍රිපාල ජනාධිපතිතුමා එයාගෙ කතාවෙදි කිව්වනෙ ඔබට නාම යෝජනා දෙන්න අකැමැති වුණා කියලා. ඒ බව ඔබ දැනගෙන හිටියද?
අපිට මේ මොහොතේ වැදගත් වෙන්නේ ජනතාවගේ කැමැත්ත මිසක් වෙන දෙයක් නෙවෙයි. පෞද්ගලික කැමැත්ත අකැමැත්තට වඩා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විදියට අපි සලකන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විතරයි.
• ඇත්තටම ඔබේ පාලන සමයේ ඇමැතිවරුන්ට ඔබ නොදුන් නිදහසක් දැන් ආණ්ඩුවේ තියෙනවා කියනවනේ ඔබත් එක්ක ඉන්න යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු මේ ගැන ඔබ එක්ක කතා කළාද?
යහපාලන නිදහස හින්ද වෙන්න ඇති රනිල්ගේ ඒකාධිපතිකම් විවේචනය කරලා ජාතික ආණ්ඩුවේ හිටපු අපේ අය ඇමැතිකම්වලින් අයින් වුණේ. අපි දීල තිබුණ නිදහස යහපාලන ආණ්ඩුවේ නැති නිසයි එහෙම වුණේ.
• ඔබ සමඟ එකට හිටපු අය ජනාධිපතිවරණයේදී ඔබ හැර යන්න බලපාපු හේතු විදියට ඔබට හිතුණේ මොනවද?
මම හිතුවෙ රට ගැන. ඒකෙදි සමහරුන්ට හිත් රිදෙන්න ඇති. සිංගප්පූරුවට ගිහිල්ල වාසි බෙදා ගත්ත කියලත් ඒ අයමනෙ කියන්නෙ.
• ජනවාරි 08 වැනිදා ඔබ පැරැදුණාට පස්සේ විරුද්ධවාදීන් කිව්වේ රජ පවුලක්, ඒකාධිපතියෙක් පැරැද්දුවා කියලා. ඇත්තටම ඔබ රජෙක්ද? ඒකාධිපතියෙක්ද?
ඒකාධිපතියො ඡන්ද තියනවා මම නම් අහල නැහැ. ඒකාධිපති නොවී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරපු නිසා තමයි අපි අද මෙතැන ඉන්නෙ. අඩුම තරමෙ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයටවත් ගරු නොකරන සමහර නායකයෝ 29 වතාවටත් පැරැදිලා මැරෙනකල් නායකත්වයේ ඉන්නවා. ශ්‍රීලනිපයේ නායකත්වය මම බාර දුන්නෙ ජනවාරි 16 වැනිදා.
• හිටපු ජනාධිපතිනිය කියනවනෙ අධිවේගී මාර්ග දෙකෙන් වැඩි කොටසක් පටන් ගත්තෙ ඇය කියලා?
අධිවේගී මාර්ග හදන්න යෝජනා කළේ පනස් ගණන්වල කියලත් සමහරු කියනවානෙ. මිනිසුන්ට හිතෙන හැම දෙයක්ම කරන්න බැහැ. හැබැයි මිනිසුන්ට යහපතක් වෙනවා කියලා හිතුණු හැම දේම අපි කරල පෙන්නුවා.
• එතකොට චන්ද්‍රිකා කියපු යුද්දෙන් 75%ක් ඉවර කරපු කතාව?
කාටවත් හීන පෙනෙන එක අපිට නවත්වන්න බැහැ. එහෙම නවත්වන්න ඕනෙත් නැහැ.
• යුද්දෙ අවසන් වෙලාවේ ආරක්ෂක ඇමැති තමන් කියලා මෛත්‍රිපාල ජනාධිපතිතුමා කියනවා නේද?
එතුමා එහෙම කියනවාද?
• එතකොට මොකක්ද අර ඩුබායි මැරියට් හෝටලයේ කතාව?
මැරියට් හෝටලය විතරක් නෙවෙයි ලංකාවෙත් ඇපල් වතු, පොල් වතු මේ ඔක්කොම තියෙනවා කියලත් කිව්වනෙ. ඒ විතරක්යැ මට බිලියන 18ක වත්කම් තියෙනවා කියලත් කිව්වෙ. දැන් මිනිස්සු හොරු හොඳට අඳුනනවා. මහ බැංකුවට අත තිබ්බෙ කවුද කියලත් දන්නවනෙ.
• ඔබේ පුතා තාරුණ්‍යයට හෙටක් පටන් ගැනීමෙන් ශ්‍රී ල. නි. ප. තරුණ සංවිධානය දිය වුණා කියලා සමහරු චෝදනා කරනවා නේද?
චන්ද්‍රිකාගෙන් මම පක්ෂෙ ගද්දි දියවෙලා තිබුණු අනුබද්ධ සංවිධාන කොච්චර වර්ධනය වුණාද කියලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො හොඳටම දන්නවා.
• ඇත්තටම ඔබේ පුතාලට රත්තරන් සපත්තු, රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි ගෙනැත් දුන්නද ඔබ?
ඔය චෝදනා මට කරපු අයම තමයි කෝටි ගණන් වියදම් කරලා තාත්තලා පුතාල රට සවාරි ගියේ. සමහරු විස්කි අඩියක් ගහලා කටගැස්මට ගත්තෙ රාජපක්ෂලාව. ඒක අද මේ රටේ මිනිසුන්ට හොඳටම වැටහිලා තියෙනවා. මම පරයත් අඳුනනවා පරවත් අඳුරනවා කියලා කිව්වෙ නිකන් නෙවෙයි.
• එල්. ටී. ටී. ඊ.යෙන් ලබා ගත්තු රත්රන් තොගයක් සම්බන්ධව ඔබට චෝදනා එල්ල වුණා නේද?
ඒ චෝදනා කරන අය හිතාමතා වසන් කරපු දෙයක් තමයි, ඒ හොයා ගත්ත රත්තරන් නියම අයිතිකාරයන්ට බෙදලා දෙන්න අපි කටයුතු කළා කියන එක. චෝදනා කරන එක හැමෝටම කරන්න පුළුවන්. ඒත් මිනිස්සු රවට්ටන එක හැමදාම කරන්න බැහැ.
• ඔබේ සහෝදරයාට ඒ කියන්නෙ බැසිල් රාජපක්ෂ මහත්තයට ඇමෙරිකාවේ ගෙවල් තියෙන කතාව ඇත්තද?
මේ දවස්වල බැසිල් රාජපක්ෂ මහතා නිවාඩු පාඩුවෙ විවේකීව ඉන්නෙ. එතුමගෙන් අහල බැලුවනම් එහෙම ගෙවල් තියෙනවා නම් ලිපිනය වුණත් ඉල්ල ගන්න පුළුවන්.
• එක්සත් ජාතික පක්‍ෂය කියනවා ඔබේ සල්ලි පිටරටවල තැන්පත් කරලා තියෙනවා කියලා. ඒ ඇත්තද?
ඔවුන් කියනවානේ තැන්පත් කරලා තිබෙන මුදලත්, ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක් පිටරට තැන්පත් කරලලු. බලන්න ඔවුන් මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන අපහාසය මොනතරම්ද කියල. මගේ ධුර කාලය තුළ මේ රටට ආ සියලු ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 16ට අඩුයි. එම මුදලින් තමයි අපි යුද්ධය සඳහා ආයුධ ගත්තේ, මහාමාර්ග හැදුවේ. ගුවන් තොටුපොළවල්, වරායවල් හැදුවේ, තාප බලාගාර හැදුවේ, වාරිමාර්ග සංවර්ධන කෙරුවේ, පාසල් හැදුවේ, ඡන්දය පැරැදුණාට පසු මීට පෙර සිටි නායකයො වගේ මම පිටරට පදිංචියට ගියේ නැහැ. මගේ දරුවො පිටරට ගියේ නැහැ. අපි ඔක්කොම ගියේ අපිට තියන එකම වත්කම වන මැදමුලනෙ අපේ පාරම්පරික නිවෙසට. අද අපි මේ මැතිවරණ කටයුතු කරන්නේ පවා අනුන්ගේ ගෙවල්වල ඉඳගෙන. යුද්ධයකුත් අවසන් කරල මේ අතිමහත් සංවර්ධනය වසර 9කින් කළාට අපට ලැබෙන කළගුණ සැලකිල්ල තමයි ඔය අපවාදය. හැබැයි මහජනතාව මේ කරුණු ගැන අවධානයෙන් ඉන්න බව මම දන්නවා. ඔවුන්ට දැන් සත්‍යය තේරෙනවා.
• දැයට කිරුළ වගේ වැඩසටහන්වලින් සල්ලි විනාශ කළා කියලත් එ. ජා. ප.ය ඔබට චෝදනා නඟනවා නේද?
රට දියුණු වෙන හැටි බලන් ඉන්න බැරි කුහක දේශපාලකයෝ විවිධ කතා කියනවා. පාරකට තාර ඇටයක්වත් දාපු මිනිස්සු මෙහෙම කියනවා නම් හිතට දුකක් නැහැ. අපි පටන් ගත්ත සියලු සංවර්ධන වැඩසටහන් නතර කරලා ඉතුරු කරගත්ත කියන සල්ලි කෝ? හැමවෙලේම රනිල්ගෙ ගෝලබාලයොයි රනිලුයි කළේ මිනිස්සු රවට්ටපු එක විතරයි. මතකනෙ 2001දි සාම ගිවිසුමක් කියල එකක් ගහලා රටෙන් බාගයක් කොටින්ට දෙන්න ගිය හැටි.
• ඔබ දැන් කියනවා රට අරාජික වෙනවා එල්.ටී.ටී.ය නැඟී සිටිනවා කියලා. ඇයි එහෙම කියන්නේ?
මේ රටේ දැන් නීතියක් තියෙනවද? මහදවල් මිනී මරනවා. දැන් යාපනයේ සමූහ දූෂණ පවා වෙනවා. ඉතින් අපේ කාලයේ ඒවා අහන්න තිබුණද? අද රටේ ආරක්‍ෂාවක් නැහැ. ඉතින් මම කියන කතා බොරුද? එතනෝල් ගැන කතාකරපු අය දැන් එදාට වඩා එතනෝල් ගේනවා. පරණ කාර්වලට පර්මිට් දෙන්න පටන් ගත්තෙ කවුද? නගරයේ අපේ කාලේ කුණු පිරිලා තිබුණද? අද කුණු පිරිලා තියෙන්නේ ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වෙනවා කියලා ලෝකයම පිළිගත්තු කොළඹ නෙවේද?
• ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාව ඔබෙන් අෑත් වුණේ ඇයි?
මම හිතන්නේ වැරැදි මතවාද නිසයි ඒක වුණේ. බොදු බල සේනාව එහෙම ඒ වැඩේ කළා. අශෝක අබේගුණවර්ධනගේ පොතේ එය පැහැදිලිවම තියෙනවනේ මේ හාමුදුරුවෝ කොහෙද හිටියේ කියලා. තව මොන කතාද?
• එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය පිළිබඳ ඔබේ තක්සේරුව මොකක්ද?
117ක් ගන්නවා. ඒක පැහැදිලියි. යහපාලන ආණ්ඩුවෙන් බඩගාන තැනට පත් කරපු අපේ රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් අපිට විතරයි.
• ඔබ ජයග්‍රහණය කළත් මෛත්‍රිපාල ජනාධිපතිතුමා අගමැතිකම නුදුන්නොත් මොකද වෙන්නේ?
මම මෙම මැතිවරණයට ඉදිරිපත් වුණේ මහජන ඉල්ලීමටයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අති බහුතරයකගේ ඉල්ලීමටයි. මට අවශ්‍ය තනතුරු නොවෙයි. 30 වසරක යුද්ධය අවසන් කරල අපි සංවර්ධනයේ යෝධ පිම්මක් පනින


Related