යහපාලන ආණ්ඩුව පාතාල නායකයන් 08ක් මෙරටට ගෙන්වලා - විමල්
ජනවාරි 08 වැනිදායින් පසුව රට හැර ගොස් සිටි පාතාල කල්ලි නායකයන් 08 දෙනකු යළි මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් යහපාලන ආණ්ඩුව කටයුතු කර ඇති බවත් ‘ග...

https://www.sathhanda.com/2015/08/wimal-weerawansa.html
ඔහු මේ බව පැවසුවේ ඊයේ(01) ගොතටුව හන්දියේ පැවති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරංවශ මහතා මෙසේද පැවසීය.
‘‘ජනවාරි 08 වැනිදායින් පසු පණ ආවේ කාටද? ජාතිවාදී බෙදුම්වාදයට වගේම පාතාල කල්ලිවලටත් පණ ඇවිල්ලා. ජනවාරි 08 වැනිදායින් පසුව රට පැනලා හිටපු පාතාල කල්ලි නායකයන් 08 දෙනෙක් ආයෙත් මේ රටට ගෙන්වා ගෙන. ඒ පාතාල කල්ලි අද එකිනෙකා මරා ගන්නවා. රවී කරුණානායක තමන්ගේ ආධාරකරුවන් බිල්ලට දීලා කිඹුල් කඳුළු හෙළනවා, අනුකම්පා ඡන්ද ගරා ගන්න හදනවා. මේ සිද්ධිය සිදු වෙලා විනාඩි 02ක් ගතවෙන කොට රවී කරුණානායකගේ ෆේස්බුක් පිටුවේ තියෙනවා, ‘මේක මහින්ද රාජපක්‍ෂගේ අවතාර විසින් සිදු කළ දෙයක්’ කියලා. මම දන්නේ නැහැ රවී කට්ටඩියෙක්ද? කියලා ‘අවතාර’ ගැන හොයා ගන්න.“
“කල්පනා කරලා බලන්න. රවී කරුණානායක පාතාල නායකයකු වූ ‘ආමි සම්පත්ව’ ආයුධ සන්නද්ධව ගෙනල්ලා තියාගෙන ඉන්නවා. ආමි සම්පත් ඉස්සරහ තියගෙන රවී කරුණානායක පත‍්‍රිකා බෙදන්න යන කොට ඔහුව(ආමි සම්පත්ව) මරන්න බලාගෙන ඉන්න පාතාල කල්ලියක් වෙඩි තියලා යනවා. ඒකයි ඇත්ත තත්ත්වය. ඒක හංගලා වෙන චිත‍්‍රයක් මවන්න අද රවී කරුණානායකලා උත්සාහ ගන්නවා. රවී කරුනානායක මහත්තයා මීට කලින් ඡන්දයකදී තමන්ගේ ගේ ඉස්සරහින් මිනී ඔළුවක් ගෙනල්ලා තියාගත්තු කෙනෙක්. අපට මතකයි, තවත් ඡන්දයකදී තමන්ගේ කාර්යාලයකට වෙඩි තියාගත්තා. මෙයාගේ ‘ඡන්ද ප‍්‍රචාරක චිත‍්‍රපටවල’ එදා ඉඳලාම මොකක් හරි ත‍්‍රාසජනක දර්ශනයක් තියෙනවාමයි. මොන අපේක්‍ෂකයාගේ ගෙදර ඉදිරිපිටද මිනී ඔළු තිබ්බේ. මෙයාම කවුරුහරි කනත්තට යවලා බෙල්ලක් කපාගෙන ඇවිල්ලා ගෙදර ඉස්සරහින් තියා ගන්නවා. ඊට පස්සේ මාධ්‍යයට කියනවා ‘වහාම එන්න, රවීගේ නිවස ඉදිරිපිට මිනී ඔළුවක්’ කියලා. රවී කරුණානායක කියන්නේ ගෙවී ගිය ඡන්ද ප‍්‍රචාරක ව්‍යාපාරවල මේ වගේ නාඩගම් ගොඩක් නටපු චරිතයක්. කොහොම නමුත් අපට එක දෙයක් පැහැදිලියි. ඒ තමයි, මේ අය ජනවාරි 08 වැනිදායින් පසුව පාතාලයට පණ දීලා තියෙනවා, කියන එක’’ යැයි වීරවංශ මහතා වැඩිදුරටත් පැවසී ය.
Related