"නියගයට වතුර, සහනාධාර උස්සන් ගිහින් නම ගහලා බෙදන තුට්ටුදෙකේ වැඩ මම කරලා නෑ" - අසංක නවරත්න
"වසර කිහිපයකට වතාවක් වයඹට බලපාන දැඩි නියගය ඇතිවුණාම වතුර, සහනාධාර උස්සන් ගිහින් නම ගහලා බෙදන තුට්ටුදෙකේ වැඩ මම කරලා නෑ. ඒ වෙනුවට අපි ...

https://www.sathhanda.com/2015/08/asanka-nawarathna.html

මේ බව ඔහු පැවසුයේ පසුගිය දා කුරුණෑගල පවතී සන්ධානයේ ජන හමුවක් අමතමිනි. වැඩිදුරටත් අදහස් දැක්වමින්,
"වයඹ පළාතේ යටිතල පහසුකම් දියුණුකරන්න අපි කරපු මැදිහත්වීම ගැන මේ ප්‍රදේශයේ ජනතාවට අමුතුවෙන් කියන්න ඕන නෑ පාළාත් සභාවෙන් ලැබෙන ප්‍රථිපාදන වලට අමතරව ගම නැගුම, මග නැගුම, දිවි නැගුම, වගේ ප්‍රථිපාදන වයඹ පළාතේ ලැබිය යුතු තැන් සොයා බලා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව යොදවන්න අපි මැදිහත් වෙලා තියනවා. ඒ සදහා මේ ඉන්න ගමට රටට ආදරේ ජනතාව ගොඩාක් මාත් එක්ක මහන්සිවෙලා තියනවා. සමහරක් අපි වෙන්කරගත්ත ප්‍රථිපාදනවලට වෙන අයත් ලකුණු දාගත්තට අපි ඒවා ගැන තැකුවේ නෑ මොකද අපි කලේ අපේ වගකීම නිසා.
ඊට අමතරව වයඹ පළාතේ විශාල ගැටළුවක් වෙච්ච තැලසීමියා රෝග මර්ධනයට අපි විවිධ ආකාරයෙන් මැදිහත්වෙලා තියනවා, වකුගඩු රෝග ව්‍යාප්තිය මර්ධනය කරන්න වගේම, මී උණ, ඩෙංගු ප්‍රශ්ණ වලදී අපේ යුතුකම් කොටස අපිට හැකි උපරිමේට අපි කරලා තියනවා කියලා ඔබතුමන්ලා දන්නවා. ඒ දේවල් ගොඩාක් මගේ පියා ආරම්භකරපු දේවල්. අපි ඒවා කලේ ඡන්ද බලාගෙන නෙවෙයි. වකුගඩු රෝගය අද ඊයේ මතුවුණා වගේ මම කියන්නේ නෑ අනාගතයේ ඒවට පිළියම් යොදන්න මැදිහත්වෙනවා කියලා. අපි ඒ ප්‍රශ්ණ මතුවෙන්න පටන්ගත්දිම ඊට මැදිහත්වෙලා තියනවා. ඒ නිසා ඒවා අපේ ක්‍රියාකාරීත්වයේම කොටසක්. සමහරු කිව්වනේ තමන්ගේ මැතිවරණ ප්‍රචාරක මුදල් ඒවට යොදවන්නම් කියලා නමුත් ඒවා වුනේ නෑ. නමුත් අපි ඒවට මැදිහත් වුනේ කොහොමද කියලා මේ ජනතාව දන්නවා. " යයි පැවසීය.
Related