චිලී රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක් - මිලියනයක් හදිසියේ ඉවත් කරයි - රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

පැසිෆික් සාගරයේ චිලී රාජ්‍යයට ආසන්න පැසිෆික් සාගරයේ අද අලූයම ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 8.3ක් ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ.  එම ප්‍ර...

පැසිෆික් සාගරයේ චිලී රාජ්‍යයට ආසන්න පැසිෆික් සාගරයේ අද අලූයම ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 8.3ක් ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ. 

එම ප්‍රබල භූ කම්පනයක් සමග චිලි ඇතුළු රටවල් කිහිපයනට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. 

සැන්ටියාගේ අගනුවර ආශ්‍රිතව ගොඩනැගිලි සෙලවීම් සිදුව ඇති අතර කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නොමැත.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, චිලී වේලාවෙන් රාත්‍රී 10.54ට භූ කම්පනය සිදුව ඇති බව ය. මේ අනුව චිලිහි වෙරළාශ්‍රිත ප්‍රදේශවල ජනතාවට වහා ම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ද දැනුම් දී තිබේ.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය චිලී රාජ්‍යට අමතරව පේරු රාජ්‍යට සහ හවායි දූපත්වලට ද සුනාමි අනතුරු ඇඟවී නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව භූ කම්පනය ආසන්න ආර්ජන්ටිනාව සහ බ්‍රසීලයට ද දැනී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 6222871347787799850

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item