තජුදීන් පහරදී මැරූ බවට සාක්ෂි නැ - මියගොස් ඇත්තේ කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණයෙන්

මැතක මහත් ආන්දෝලනාත්මක මරණයක් වූ දක්ෂ රගර් ක්‍රීඩක වසීම් තජුදීන්ගේ මරණයට හේතුව කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය විය හැකි බව හිටපු අධිකරණ වෛද්‍ය...

මැතක මහත් ආන්දෝලනාත්මක මරණයක් වූ දක්ෂ රගර් ක්‍රීඩක වසීම් තජුදීන්ගේ මරණයට හේතුව කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය විය හැකි බව හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි, විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියා.

තජුදීන්ගේ මල සිරුර පරීක්ෂා කල ඔහු ඔහු වැදගත් කරුණු රාශියක් මේ වනවිට හෙළිදරවු කර සිටිනවා. එම කරුණු අනුව, 



1. තජුදීන් මිය යාමට පැය දෙකකට පෙර අධික ලෙස මත්පැන් පානය කර ඇති බවත් 
2. මිය යාමට පෙර ඔහුට පහරදී ඇති බවත් 
3. එම පහරදීම් මිය යාමට තරම් දරුණු නොවූ බවත් එහෙත් ඔහුගේ මත්පැන් පානය සහ පහරදීම නිසා ඔහු අඩපනව වී සිටිය හැකි බවත් 
4. ඔහුගේ පපුවේ ඇති රවුම් තෙරෙපීමේ සලකුණ තදින් වාහනයේ සුක්කානම වැදීම විය හැකි බවත් 
5. මිය යාමට පෙර ඔහුගේ ශරීරයට කාබන් මොනොක්සයිඩ් අධික ලෙස එක්වී ඇති බවත්, ඔහුගේ රුධිර පරීක්ෂණයෙන් තහවුරු වූ බවත් 
6. එම කාබන් මොනොක්සයිඩ් වහනයේ ඇති වූ ගින්න නිසා ශරීරයට ඇතුළුවී ඇති බවත් 
7. ඔහු පන තිබියදී ඇතිවූ ගින්නට හසුවූ ඔහු ගින්න ඇතිවී සුළු මොහොතකින් මිය ගොස් ඇති බවත් 

මෙම කරුණු අනුව මරණයට හේතුව සෘජු පහරදීමක් නොවුයේ නම් කිසිවෙකුට එරෙහිව මෙම මරණයට චෝදනා ගොනු කිරීමේ හැකියාවක් නොමැති අතර ඔහුට පහරදුන්නේ නම් එම කරනවා සම්බන්දයෙන් පරීක්ෂණ ඉදිරියට ගෙන යා හැකිය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4697292685968434339

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item