වෘත්තීය සමිති දේශපාලනිකව බෙදුනට දැන් එකතුවෙලා වැඩ කරන්න පුළුවන් - ඇමති සියඹලාපිටිය වෘත්තීය සමිති නායකයන් හමුවෙයි
අපේ රටේ වෘත්තීය සමිති බොහොමයක් දේශපාලනික වශයෙනුත් විවිධ පක්ෂ වලට ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ඒ විවිධ වූ දේශපාලන අරමුණු සමඟ අපි බද්ධ වෙ...
https://www.sathhanda.com/2015/09/ranjith-siyambalapitiya-meeting-with-union-leaders.html
අපේ රටේ වෘත්තීය සමිති බොහොමයක් දේශපාලනික වශයෙනුත් විවිධ පක්ෂ වලට ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ඒ විවිධ වූ දේශපාලන අරමුණු සමඟ අපි බද්ධ වෙලා තිබුණත් වර්තමාන දේශපාලනය තුළ ඒ සියල්ල එකතුකරගෙන ඉදිරියට යන වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (10) පස්වරුවේ අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවති වෘත්තීය සමිති නායකයන් හමුවේදී ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු,
"අපි ආඩම්බර වෙනවා මේ අමාත්‍යාංශයට සම්බන්ධවීමට හැකිවීම පිළිබඳව. ඔබතුමාලා අපේ රටේ ඉදිරි ගමනට දැවැන්ත සේවාවක් කළ සහෝදර පිරිසක්. මේ වන විට 98% ක් විදුලිය සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම අපේ රටේ පැය 24 ම අඛණ්ඩව විදුලිය ලබා දෙනවා. ඒ වගේ විශාල වැඩ කොටසක් සිදු කරන ඔබතුමන්ලාට වගේම අපිට තව විශාල ඉලක්ක රාශියක් තියෙනවා ඉදිරියට කරන්න. ඒ ගමනේදී වැඩිම වගකීම් කොටස, කාර්යභාර්යය තියෙන්නේ ඔබතුමාලට.
වෘත්තීය සමිතියක ප්‍රාථමික කරුණු වන තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම, තමන්ගේ ආයතනය ආරක්ෂා කරගැනීම වගේම ඊට එහා ගිය ජාතික ගැටලු විසඳා ගෙන අපි රටේ වගකීම් දරණ පුරවැසියන් බවට පත් විය යුතුයි. අපි වර්තමානයේ පවතින දේශපාලන වේදිකාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන ඉදිරියට යමු කියලා ඔබතුමාලට ආරාධනා කරනවා යැයි" පැවසීය.
මෙම අවස්ථාව සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, සහ අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයන්හි වෘත්තීය සමිති නායකයින් හා ක්‍රියාකාරීන් රැසක් සහභාගී වූහ.



Related