දෙදෙනෙකු දැරියක් කලක් කෙලසය - මවගේ මැදහත්වීමෙන්

කටුපොත ප‍්‍රදේශයේ පොල්වත්තක වාසය කර ඇති අට හැවිරිදි මෙම දැරියගේ පියා කලකට පෙර වෙනත් විවාහයක් කරගෙන පවුල හැර ගොස් ඇති අතර ඉන් පසුව දැරියගේ...

කටුපොත ප‍්‍රදේශයේ පොල්වත්තක වාසය කර ඇති අට හැවිරිදි මෙම දැරියගේ පියා කලකට පෙර වෙනත් විවාහයක් කරගෙන පවුල හැර ගොස් ඇති අතර ඉන් පසුව දැරියගේ මව පර්සි රංජන් නිශාන්ත පීරිස් නැමැති මෙම දැරිය කෙළෙසීමේ පළමු සැකකරු සමග අඹුසැමියන් ලෙස ජීවත්ව තිබෙනවා.

කලකට පසු මෙම පිරිස මොරගනේ ප‍්‍රදේශයේ ගල්වළක වාඩියක පදිංචියට පැමිණ ඇති අතර, නිශාන්තට දාව දැරියගේ මව විසින් තවත් ගැහැණු දරුවෙකු බිහිකර තිබේ. පසුව හයක් හතරක් නොතේරෙන මෙම දැරිවියන් දෙදෙනා පළමු සැකකරු ළග දමා දැරියගේ මව තවත් පුද්ගලයෙකු සමග ප‍්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

කිසිවෙකුගේ හව්හරණක් නැති අනාරක්ෂිත තත්වයට පත් වූ දැරියන්ගෙන් වැඩිමහල් දැරිය පළමු සැකකරු (බාප්පා) විසින් කිහිප අවස්ථාවකදීම දූෂණය කර ඇති අතර, ගල්වළෙහි සේවය සදහා පැමිණි ඔහුගේ මිතුරන් බව කියන අනෙක් සැකකරුවන් දෙදෙනාටද දැරිවිය කෙලෙසීම සදහා අවස්ථාව ලබා දී තිබේ.

වයස අවුරුදු අටක් වන මෙම දැරිය දූෂණය කළ බව කියන එම දැරියගේ මවගේ අනියම් සැමියෙකු ඇතුඵ පුදගලයින් තිදෙනෙකු කටුපොත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගනේ, මොරගනේ ලිපිනයෙහි පංදිචි පර්සි රංජන් නිශාන්ත පීරිස් (49 ) සහ එම ප‍්‍රදේශයේම පදිංචි නිහාල් (32) සහ සුසන්ත (21) නැමැති පුද්ගලයින් තිදෙනෙකි.

ඉකුත් 19 වැනිදා පළමු සැකකරු විසින් මෙම දැරියගේ අතට රුපියල් 70 ක් ලබා දී මිත්තණියගේ නිවසට යන ලෙස පවසා ඇයව මෙම මහමග දමා ගොස් ඇති බවත්, දැරිය හිත්තරපොළ මාවීඇළ ප‍්‍රදේශයේ පිහිටි සිය කිරිඅම්මාගේ නිවසට පැමිණ ඇති බවත් පොලිසිය පවසනවා.

ඒ වන විට ඇගේ මිත්තණිය නිවසෙහි නොසිට ඇති අතර, දැරිය එම නිවසෙහි තනිව සිටිනු දුටු ප‍්‍රදේශවාසීන් විසින් ඇයගෙන් කළ විමසීම්වලදී හෙළිකරගත් තොරතුරු අනුව දැරිය පිළිබදව කටුපොත පොලිසිය වෙත දැනුම්දී තිබේ. ඒ අනුව දැරිය සිය භාරයට ගත් කටුපොත පොලිසිය විසින් ඇයගෙන් ලබාගත් ප‍්‍රකාශයකට අනුව දැරිය කෙලෙසූ බව කියන පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමුකිරීමෙන් අනතුරුව අධිකරණ නියෝගයක් මත පරිවාස භාරයට යොමුකරනු ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3708786611996246490

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item