පිටත වටරවුම් අධිවේගයේ වියදම අඩුකිරීම කල නොහැකිය - චීනය කියයි

පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණය ඉදිකිරීම සඳහා යන වියදම සියයට 35.9 කින් හෙවත්...

පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණය ඉදිකිරීම සඳහා යන වියදම සියයට 35.9 කින් හෙවත් රුපියල් බිලියන 23.93 කින් අඩුකිරීමට රජය විසින් කර තිබෙන යෝජනා මෙම කොටසේ කොන්ත්‍රාත්කාර සමාගම සම්පූර්ණයෙන්ම පිළි නොගත් බව රජය සඳහන්යි.

මෙම කොටස මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම, කනුමත ඉදිකරන මාර්ගයන්හි දිග අඩුකිරීම, කනුමත ඉදිකරන මාර්ගයන්හි උස අඩුකිරීම යන යෝජනා මෙහිදී රජය ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත්, මෙම රජයේ යෝජනාවන්ට කොන්ත්‍රාත් සමාගම වන Metallurgical Corporation of China (MCC) සමාගම කැමැත්ත පළකර නොමැති නිසා මෙහි ඉදිකිරීම් ප්‍රමාදවී ඇතැයි රජය සඳහන් කරයි.

මේ අනුව, මෙම ආයෝජනයේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මාර්ග ආරක්ෂණ ක්‍රමවේදයේ කිසිදු අඩුකිරීමකින් තොරව වැඩ විෂය පථයේ සිදුකළ හැකි වෙනස්කම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිකිරීම් අධීක්ෂණ උපදේශකවරයා වෙතින් ලබාගෙන ඇතැයි රජය පවසයි.

මෙම කොටස ඉදිකිරීමේදී මෙම අධිවේගී මාර්ග කොටසේ කෙරවලපිටියේ අන්තර් හුවමාරු ස්ථානයක් ඉදිකෙරන බැවින් ඊට ආසන්න දුරකින් පෑලියගොඩ පුත්තලම මාර්ගයේ ඉදිකිරීමට යෝජිත අන්තර් හුවමාරු ස්ථානය ඉවත් කිරීම සහ මෙම කොටසද මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම මෙම වෙනස්කම් වේ.

මෙම වෙනස්කම් වලින් පසුව මෙම කොටසේ කොන්ත්‍රාත් වටිනාකම වන රුපියල් බිලියන 66.69 ක මුදලින් සියයට 14.84 ක් හෙවත් රුපියල් බිලියන 9.9 ක මුදලක් ඉතිරිකර ව්‍යාපෘතිය සිදුකිරීමට රජය විසින් අවසර ලබාදී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7387787926473018846

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item