විමල්ට හිමිවියයුතු කතාව නොදීම නිසා පරිමේන්තුව උණුසුම් - දිනේෂ් සෙංකෝලය උස්සන් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද(22)පාර්ලිමේන්තුවේ දී සෙංකෝලය රැගෙන යෑමට උත්සාහ දර තිබෙනවා. මහින්ද සමරසිංහගේ කථාවෙන් පසු ඩී.ඇ...

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද(22)පාර්ලිමේන්තුවේ දී සෙංකෝලය රැගෙන යෑමට උත්සාහ දර තිබෙනවා.

මහින්ද සමරසිංහගේ කථාවෙන් පසු ඩී.ඇම්.ස්වාමිනාදන්ට කථා කිරීමේ අවස්ථාව ලැබුණු අතර එහිදී දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ විමල් වීරවංශට කතාකිරීමේ අවස්ථාව හිමිවිය යුතු බවයි.

මූලාසනයේ සිටි මුජිබර් රහුමන් තමාට ලැබුණු ලැයිස්තුව අනුව කථා කිරීමේ අවස්ථාව දෙන බව එහිදී සඳහන් කළ අතර විපක්ෂ මන්ත්‍රීවරු කෑ කෝ ගසමින් ඊට විරෝධය පළ කළා.

පසුව දිනේෂ් ගුණවර්ධන සෙංකෝලය රැගෙන යෑමට කටයුතු කළ අතර නියෝජ්‍ය වේත්‍රධාරී සභාව මැදට ගොස් සෙන්කෝලය යළි ගුණවර්ධනගෙන් ලබා ගනු ලැබුවා. සභාව යළි රැස්වූ පසු විමල් වීරවංශ මහතාට කථා කිරීමට අවස්ථාව ලැබිණි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2862707826344190081

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item