සොෆ්ට්ලොජික් ෆියුචර් ඔටෝමොබයිල්ස් ෆෝර්ඩ් ගෝල්ඩන් ෂවල් සම්මානයෙන් පිදුම් ලබයි.

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හී උපසමාගමක් වන ෆියුචර් ඔටෝමොබයිල්ස් (පෞද්.) සමාගම විසින් පසුගිය වසරේදී ආරම්භ කරන ලද උසස් මට්ටමේ අතිනවීණ සේවා ම...

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හී උපසමාගමක් වන ෆියුචර් ඔටෝමොබයිල්ස් (පෞද්.) සමාගම විසින් පසුගිය වසරේදී ආරම්භ කරන ලද උසස් මට්ටමේ අතිනවීණ සේවා මධ්‍යස්ථානය ඇඟයීමට ලක් කරමින් ෆෝර්ඩ් මෝටර් සමාගම එම සමාගමට ෆෝර්ඩ් ගෝල්ඩන් ෂවල් සම්මානය පිරිනමන ලදි. අතිනවීණ උපකරණ, ෆෝර්ඩ්ස්හී විස්තීර්ණ සේවා සැලසුම්, සහ සැබෑ ෆෝර්ඩ් අමතර කොටස් මෙන්ම අතිදක්ෂ සේවක මණ්ඩලය යනාදිය සමඟ ජාත්‍යන්තර ෆෝර්ඩ් ප්‍රමිතීන්ට අනුකූල සමස්ථ සේවා අත්දැකීමක් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට පිරිනැමීමෙහිලා ෆියුචර් ඔටෝමොබයිල්ස් දක්වන කැපවීම අගයනු වස් මෙම සම්මානය පිරිනමන ලදි. 

විශිෂ්ට සේවාවක් පිරිනැමීමෙහිලා තවත් පියවරක් තබමින් ෆියුචර් ඔටෝමොබයිල්ස් (පෞද්.) සමාගම අමතර කොටස් තොඟ ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ක්‍රියා කරන අතර නොවැම්බර් මස සිට ලැඛෙන සියළුම ෆෝර්ඩ් අමතර කොටස් විශේෂ ඇණවුම් දින 14 ක් තුළ ගෙන්වා දීමට කටයුතු යොදා ඇත. 

මෙම ගෞරවාන්විත සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව අදහස් දක්වමින් ෆියුචර් ඔටෝමොබයිල් (පෞද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චමත් තෙන්නකෝන් මහතා මෙසේ පවසන ලදි. “මෝටර් රථ ක්ෂේත්‍රයේ පුරෝගාමීන් ලෙස ෆෝර්ඩ්, ෆියුචර් ඔටෝමොබයිල්ස් සමඟ එක්ව දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ට සේවා පිරිනැමීමෙහිලා කැපවීමෙන් ක්‍රියා කරන ලදි. අපගේ හිතවත් ගනුදෙනුකරුවන් සඳහා වූ අපගේ අඛණ්ඩ කැපවීම පිළිඹිඹු කරන තවත් නිදසුනක් ලෙස මෑත දී හඳුන්වාදුන් ෆෝර්ඩ් 3ී අලෙවි මධ්‍යස්ථානය දැක්විය හැකි ය.“

ඔහු තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පවසන ලදි. “අපි යහපත් වර්ධන අවධියක සිටින බැවින් සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍ය ප්‍රධාන සාධක ලෙස දිගු කාලීන පාරිභෝගික තෘප්තිය සහ හිමිකරුවන්ගේ පක්ෂපාතීත්වය කෙරේ අපි වැඩි අවධානයක් යොමු කරන්නෙමු.˜ 

මෙම නව සේවා පහසුකම දියත් කිරීම සමඟ සමාගම ජාත්‍යන්තර මට්ටමේ ෆෝර්ඩ් වාහන මෙරටට හඳුන්වාදීමට මෙන්ම අසමසම අලෙවියෙන් පසු සේවාවක් පිරිනැමීමෙහිලා අඛණ්ඩව යොමු වන බැවින් මෙය ෆෝර්ඩ් නාමය තවදුරටත් ශ්‍රී ලාංකීය වෙළෙදපොළ තුළ තහවුරු කිරීමට සහාය වේ. 

ඔහු මෙසේ ද පැවසුවේ ය. “අමතර කොටස් සහ සේවාවන් සඳහා විශාල වට්ටම් පිරිනමන ලබන මාසයේ දියත් කරන zzසාමාජික කාඩ්පත් වැඩසටහන හරහා තවත් විශේෂ හඳුන්වාදීම් රැසක් අත්විදීමට ෆෝර්ඩ් ගනුදෙනුකරුවන්ට හැකි වනු ඇත.“ 

කොළඹ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටා ඇති අතිනවීණ ෆෝර්ඩ් 3ී අලෙවි මධ්‍යස්ථානය හරහා නිෂ්පාදන ප්‍රදර්ශනය, අලෙවිය සහ සේවා යන සියල්ලම එකම වහළක් යටදී පිරිනමයි. වර්ග අඩි 6,000 කින් යුත් මෙම ගොඩනැගිල්ල වාහන 12 ක් ප්‍රදර්ශනය කිරීම සහ වාහන 14 කට සේවා සැපයීමේ පහසුකම්වලින් යුත් අතර පාරිභෝගිකයන්ට අවශ්‍ය සියළුම දේ එකම වහලක් යටින් ලබා ගත හැකි ය. පාරිභෝගික පහසුව මූලික කර ගෙන මෙම පූර්ණ සේවා පහසුකම හඳුන්වාදුන් අතර මෙමගින් වර්ධනය වන ශ්‍රී ලාංකික වෙළෙදපොළ කෙරේ වූ සමාගමේ අවධානය මනාව පිළිඹිඹු කරයි. මෙම සේවාවේ සෑම අංශයක්ම නිර්මාණය කර ඇත්තේ පහසුව, කාර්යක්ෂමතාවය සහ සැපපහසුව යනාදිය සමඟ අසමසම පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීම අරමුණු කර ගෙන ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 7800344439724232796

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item