කොළඹ විශ්ව විද්‍යාලයට දුන් නිවස බදු දීලා

ශිවා සින්තම්බි නමැති වෛද්‍යවරිය විසින් සිය අන්තිම කැමති පත්‍රය මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් සඳහා පවරන ලැබූ ඇගේ කොළඹ 0...

ශිවා සින්තම්බි නමැති වෛද්‍යවරිය විසින් සිය අන්තිම කැමති පත්‍රය මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් සඳහා පවරන ලැබූ ඇගේ කොළඹ 07 නිවස පසුගිය වසරේදී එවක උපකුලපතිවරයා හා පාලක මණ්ඩලය මගින් සාප්පු සංකීර්ණයක් සඳහා බදු දී ඇතැයි ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී හෙළිවිය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයසිංහ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ඊයේ පාර්ලිමේන්තුවට පවසා සිටියේය. අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ, මෙය අපරාධ ගණයේ වරදක් බවත්, ඒ පිළිබඳ පොලිස් පරීක්ෂණ දැනටමත් සිදුකෙරමින් පවතින බවත්ය.

මීට අදාළ අතුරු ප්‍රශ්නයක් මතුකළ ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා, අදාළ නිවසේ ගෘහ භාණ්ඩ ඇතුළු චංචල දේපළ අස්ථානගත වී ඇති බැවින් ඒ පිළිබඳවද පරීක්ෂණ පවත්වන්නේදැයි විමසා සිටියේය. ඒ පිළිබඳවද පරීක්ෂණ දිගටම සිදුවන බව එහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.

කෙසේ නමුත් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ, මේ පිළිබඳව අදාළ සී.අයි.ඩී. පරීක්ෂණ වාර්තා තමා සතුව ඇති බවත්, පාර්ලිමේන්තුව තුළ කිරිඇල්ල මහතාට අසුන් 05 කට ඔබ්බෙන් වාඩිවී සිටිය අයෙකු මේ සඳහා වගකිව යුතු බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8205542930439674010

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item