ගිනස් වාර්තා තැබූ කරාතේ ශූරයාව කපා කොටා මරා දමයි [VIDEO]

අනුරාධපුර කඩ පනහ අසල රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු පිරිසක් එහි හිමිකරු වන පුද්ගලයා කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනය වී ඇත්තේ 57...

අනුරාධපුර කඩ පනහ අසල රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු පිරිසක් එහි හිමිකරු වන පුද්ගලයා කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 57 හැවිරිදි ​ලෙක්සැන්ඩර් වික්‍රම වසන්ත සොයිසායි. ඔහු අවස්ථා කිහිපයකදීම විවිධ වාර්තා තබමින් දක්ෂතා දැක්වු කරාතේ ශිල්පියෙකි. මේ අතර ඔහු රූපවාහිනි රියැලිටි වැඩසටහනකදී ගිනස් වාර්තාවකට හිමිකම් කීමටද සමත් වූ අයෙක් බවද පැවසෙයි.

ඊයේ (24) රාති‍්‍ර 11 යි 45 ට පමණ මුහුණු ආවරණය කර ගත් නාදුනන පිරිසක් පැමිණ සමාජ ශාලාවේ හිමිකරුට සහ සේවකයන් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා නමැත්තා ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ඔහු මියගොස් තිබෙනවා.

පහරදීම සඳහා පුද්ගලයන් විසිදෙනෙකු පමණ පැමිණ ඇති බවයි දැනට සිදු කෙරුණු විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ.













මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1263699981111678460

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item