පොරව නැවතත් කරලියට - පොරවින් පහරදී දෙකක් ඝාතනය කරයි

පොරවකින් පහරදී සිදු කෙරුණු මනුෂ්‍ය ඝාතන දෙකක් අද (19) අලුයම හයෙන් අවසන් වූ පැය විසි හතර තුළ වාර්තා වුණා. ඒවායින් එක් මනුෂ්‍ය ඝාතනයක් ...

පොරවකින් පහරදී සිදු කෙරුණු මනුෂ්‍ය ඝාතන දෙකක් අද (19) අලුයම හයෙන් අවසන් වූ පැය විසි හතර තුළ වාර්තා වුණා.

ඒවායින් එක් මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇත්තේ වව්නියාව, බෝගස්වැව ප‍්‍රදේශයේදීයි. වයස අවුරුදු 50 ක් පමණ පුද්ගලයෙකු එහිදි ඝාතනයට ලක්ව තිබෙනවා. පැරණි අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි විමර්ශනවලින් හෙළිවී ඇත්තේ. සැකකරු ඝාතනයට යොදාගත් බව කියන පොරවද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොරවකින් පහරදී සිදු කෙරුණු අනෙක් ඝාතනය වාර්තා වන්නේ සියඹලාණ්ඩුව 19 කණුව ප‍්‍රදේශයෙන්. වයස අවුරුදු 28 ක් වූ කාන්තාවක් එහිදී ඝාතනයට ලක්ව තිබෙනවා. සිරුර ඇගේ නිවසේ සගවා තිබියදී සොයා ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. මීට සැකපිට ඇගේ මවගේ දෙවන විවාහයේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4497273351379510837

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item