මගේ කලිසම හොද හැටි ඇඳගෙන උගේ වගේ යනවා

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කලේය. මගේ ...

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කලේය.

මගේ කලිසම හොද හැටි ඇඳගෙන උගේ වගේ යනවා

මේ අය වැයෙන් බිළියන 186 අධ්‍යාපනයට වෙන්කරල තියෙනව කියල ප්‍රීති ප්‍රමෝධයෙන්, 6% ඔන්න මෙන්න වෙන්න අපි ආවෝ කියල හඩ නගද්දි, ලේඛණ පරීක්ෂාකර බලද්දි මේ බිලියන 186න් බිලියන 121.4ක්ම අතීතයේ මිලදීගත්ත ගොඩනැගිලි සහ ඉඩම් සදහා දැරූ වියදම්, බද්දට ගත්තානම් වන වියදම් ඇස්තමේන්තු ගත කිරීමෙන් තමයි කරල තියෙන්නේ.

අපි දන්නව ගිණුම් තැබීමේ ක්‍රම දෙකක් තියෙනව. මුදල් තැබීමේ පදනම සහ උපචිත පදනම කියල. මේ කාරනය ඇත්තයි. ආණ්ඩුව ඒ වර්ෂයේ අධ්‍යාපනය සදහා වන පිරිවැය දරද්දි අතීතයේ දරපු වියදම් වර්තමානයට බලපානව. පාසල් ගොඩනැගිල්ලක් හැදුවොත් ඒ ගොඩනැගිල්ල වසර 50 තියෙන්න පුළුවන්. එතකොට ගොඩනැගිල්ල හදපු අවුරුද්දට විතරක් නෙවේ ඵලදායීත්වය තියෙන්නෙ. අවුරුදු 50ක් ඉස්සරහට තියෙනව. එහෙනම් 50න් බෙදල ඒ අවුරුද්දේ අධ්‍යාපනයේ පිරිවැය කොපමනද කියල හොයනකොට එලෙස හදල බලන්න පුළුවන්. නමුත් අය වැය කියන්නේ මුදල් ලේඛණයක්. මුදල් පදනමටයි අයවැය හදන්නේ. උපචිත පදනමට නෙවෙයි. මුදල් එන්නේ කොච්චරක්ද මේ අවුරුද්දේ. මුදල් කොච්චරක්ද යන්නේ මේ අවුරුද්දේ කියන එකයි මේ අයවැය ලේඛනයේ තියෙන්නේ. ඒකට මේක එකතුකලේ පොරොන්දු වුණු 6%ට යන්න බෑ කියල තමුන්ට දැනුනු නිසා. තමන්ව මේ රජ පුටුවේ වාඩිකරන්න බර ඇද්ද විශ්ව විද්‍යාල ප්‍රජාව රැවටීමේ කූට අරමුණින් තමයි මේ ඉලක්කම මෙතනට එකතුකරල තියෙන්නේ.

මේක හරහා මේ වියදමේ පෙන්නන ගොඩනැගිලි, ඉඩම් සියල්ලම අතීතයේ අයවැයෙන් මුදල් වෙන්කරල මිලදීගත් දේවල්. අපිට මතකයි පසුගිය වසර 5 පුරාවටම බන්දුල ගුණවර්ධන මැතිතුමන් මැදිහත්වෙලා මහින්දෝදය විද්‍යාගාර ඉදිකරගෙන ගියා පාසල්වල. දැන් ඔන්න ඒ විද්‍යාගාරයේ වටිනාකමත් තක්සේරු කරල ඒකෙන් කොටසක් මේ අවුරුද්දේ කල් බදු වියදම විදිහට අයවැයට එකතකුකරල තියෙනව. මීට කලින් තිබුන නවෝධ්‍යා පාසල්, ඉසුරු පාසල්, ඒ විතරක් නෙවෙයි ආර්ථික සංවර්ධන අමාත්‍යන්ශයෙන් පාසල් වල ඉදිකල වැසිකිළි, කැසිකිළි, පහසුකම් හැදුව. මේ සියල්ලම අතීතයේ දරපු වියදම් නැවත මේ අයවැය ලේඛණයේ පෙන්නල තියෙනව.

අපි ආර්ථික විද්‍යාවෙන් මේකට කියනව ද්විත්ව ගණන දෝෂය කියලා. එකම වියදම අතීතයෙත් පෙන්නල මේ වසරෙත් ආයෙත් පෙන්නල තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ යුගයේ කෝටි ප්‍රකෝටි ගණනින් අධ්‍යාපනයට වියදම් කරපු එක තමන්ගේ වගේ වර්තමාන ආණ්ඩුව තමන්ගේ අයවැය ලේඛනයේ පෙන්වල තියෙනවා. අර පරණ සින්දුවක කියනවා මගේ කලිසම හොද හැටි ඇදගෙන උගේ වගේ යනවා කියල. ඒකම තමයි වර්ථමාන ආණ්ඩුව අපේ ආණ්ඩුවලින් පාසල්වලට වියදම් කරල අත්පත් කරගත් ගොඩනැගිළි, අත්පත් කරගත්ත ඉඩම් තමන්ගේ වියදමක් විදිහට අයවැයෙන් පෙන්නල 6% හදාගැනීමේ අසාර්ථක උත්සහයක යෙදිල තියෙනව.

ඒ නිසා මේ ප්‍රෝඩාව පිළිබද මුදල් ඇමතිතුමන් ඉල්ලා අස්විය යුතුයි කළ වරදට සමාව අරගෙන. වෙන රටකනම් මේක එහෙම වෙළා. ජිප්සීස්ල කියන හැටියට ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. ඒ වගේ එතුමන් අස්වෙන්නෙ නැතිනම් , එතුමන් ඉදිරිපත් කරන කිසිම ඉලක්කමක් පිළිබද මීට පස්සෙ අපේ විශ්වාසය නෑයි කියන පණිවිඩය එතුමට ලබාදෙන්න ඉදිරියේදී අපි කටයුතු කරණවා.

පා.ච. රණවක ඇමතිතුමනි ඒ රට කුමක්ද ?

මුදල් ඇමතිතුමන් විතරක් මේ මඩ ගාගෙන ජරාව ගාගෙන නිකන් හිටියහම මදැ. අපේ පා.ච. රණවක ඇමතිතුමත් මැදට පැණල කියනව කළබල වෙන්න දෙයක් නෑ මේක නවීන ලෝකේ පාවිච්චි කරන දියුණු ක්‍රම වේදයක් කියල. ඒකත් එක්ක ප්‍රශ්න දෙකක් මතුවෙනව. දියුණු ක්‍රම වේදයක්නම් බොහොම හොදයි. ඇයි දෙයියනේ මේක අධ්‍යාපනයටයි සෟඛ්‍යයටයි විතරක්. ආර්ථික විද්‍යාවෙ අළුත් දර්ශකයක් මනින කුමවේදයක් අගයන ක්‍රමවේදයක් ආරම්භ කරද්දි සම්ප්‍රදායක් තියෙනව. පළමු රීතිය තමයි සමස්ථයටම එය පාවිච්චි කරන්න ඕනි. නැත්නම් සංසන්ධනය කරන්න බැරිවෙනවා. ඒ විතරක් නෙවෙයි අළුත් ක්‍රමවේදයකට අනුව අවම වශයෙන් වසර 5ක් අතීතයට ඒ ක්‍රමවේදය අනුව ගණනයකිරීම් කරල පෙන්නල ඒ වසරවල් අතර අළුත් ක්‍රමය හා පරණ ක්‍රමය සංසන්ධනය කරන්න පුළුවන් වෙන්න ඕනි. අධ්‍යාපණයට ගිය වසරේ බිලියන 64යි නම් මේ අවුරුද්දේ ඒක 186ක් වෙනව නම් හතර ගුණයක් වැඩිවුනයි කියලයි පේන්නේ. එහෙනම් මේ අළුත් ක්‍රමයට ආසන්නම අතීත වසර පහේ මේ අළුත් ක්‍රමයට හදල ඒ වසර අතර සිදුවන වැඩිවීම සංසන්දනය කරන්න පුළුවන් වෙන්න ඕනි.

ඒ නිසා රණවක ගරු ඇමති තුමනි, අපි කැමති දැණගන්නට ඔය නවීන ක්‍රමයට අයවැය හදල පෙන්නන ලෝකයේ දියුණුයි කියන එක රටක් හෝ නම් කරන්න. අපි ලෑස්තියි ඒ රටට අපේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමන්ව එවල ආර්ථික විද්‍යාවේ ද්වි ගණන දෝශය මේ ආකාරයෙන් සිද්ධවෙන්නේ කොහොමද කියලා ඒ රටේ මුදල් ඇමතිලාට පුංචි ටියුෂන් පාරක් දෙන්න. අපි හිතනව අපේ පා.ච. රණවනක ඇමතිතුමන් එහෙම්මම පච කියන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ රට කුමක්ද කියල පාර්ලිමේන්තුවේදී ඒ කරපු ප්‍රකාශය ඇත්තක් බවට ඔප්පු කරන්න එහෙම ගණන් හදන රට මොක්කද කියල රටට හෙළිකරන්න.

පසුගිය මාස හතරේ අගමැතිතුමන්ගේ ශ්‍රී මුඛයෙන් පිට නොවූ වචනය

ඒ වගේම අද වන විට ඩොලරය රුපියල් 144.93යි. අපි මාර්තු මාසෙ අනාවැකි පළ කලා මේ වසර අවස්න වෙද්දි ඩොලරය රුපියල් 150 වෙනව කියල. මේ බදු සියල්ල මත ඇති සැගවුණු බද්ධ මේකයි. අද වාහන වලට බදු පිට බදු දාලා. ඒ මත රුපියලේ අව ප්‍රමාණයත් එකතුකලාම අද වාහනයක් මිලට ගැනීම ජනතාවට සිහිනයක්.

නමුත් අපිට අගමැතිතුමන් පොරොන්දුවක් දුනන් ෆොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් ලහි ලහියේ ලංකාවට එනව කියල. ඡන්ද කාලෙනම් ෆොක්ස් වැගන් නැතුව කතාකරන්නත් බෑ. නමුත් අගමැතිතුමනි, පසුගිය මාස 4 ඇතුලතනම් වැරදිලාවත් නුබේ ශ්‍රී මුඛයෙන් වොක්ස් වැගන් කියන වචනය පිටවෙනවා අපිට ඇහුනෙ නෑ. ඒ නිසා අර එනවා කියූ කර්මාන්ත ශාලාවට දැන් වී ඇත්තේ මොකක්දැයි රටට කියන්න.

– අරවින්ද අතුකෝරල



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8641718628585933472

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item