උතුරේ සියලු පාසල් වැසෙයි - උතුර ආන්ඩුව සමග වෙනම ගේමක

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් ලිපියක් ලියා දුම්රියට පැන සිසුවෙකු දිවි නසා ගැනීමේ සිද්ධිය හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල්...

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් ලිපියක් ලියා දුම්රියට පැන සිසුවෙකු දිවි නසා ගැනීමේ සිද්ධිය හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල් අද (27) දිනයේ වසා දැමෙනු ඇතැයි වාර්තා වනවා.උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආර්. රවීන්ද්‍රන් මහතා උතුරු පළාතේ පාසල්වල විදුහල්පතිවරුන්ට දන්වා ඇත්තේ අද (27) දිනයේ පාසල් වසා දමන ලෙසටයි.
 
පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාසාගේ නියෝගයක් යටතේ මෙම තීරණය ගත් බවයි ලේකම්වරයා කියා සිටියේ.සිසුවාගේ දිවි හානිකර ගැනීම හේතුවෙන් පාසල් දරුවන් කලහකාරී ලෙස හැසිරීමට ඇති ඉඩ සලකා මෙවැනි තීරණයක් ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි රාජේශ්වරන් සෙන්දුරන් නමැති පාසල් සිසුවා ඊයේ (26) උදෑසන කොණ්ඩාවිල් දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට පැන දිවි නසා ගත්තා.
 
මෙම සිද්ධිය පාදක කර ගනිමින් යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන්ද ඊයේ (26) විරෝධතාවක නිරත වුණා. එ් කළු කොඩිද අතට ගෙනයි.සිසුන් ප‍්‍රකාශ කළේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා රජය වහා කටයුතු කළ යුතු බවයි.
 
කෙසේ වෙතත් ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස් කරනු ලබන්නේ නීතිමය ක‍්‍රමවේදයකට අනුව බවයි.මේ අතර මහවිරු දිනය සැමරීමට එක්වන්නැයි බල කෙරෙමින් මන්නාරමේ ප‍්‍රදේශ කිහිපයක තාප්පවල කිසියම් පිරිසක් සටහන් තබා ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 615115238459880748

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item