සාමාවතී, මාගන්ධියා සහ රවි කරුණානායක

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. මෙන්න තවත් අයවැය විජ්...

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

මෙන්න තවත් අයවැය විජ්ජාවක්

එක පැත්තකින් බැංකු කරනය දිරිමත් කරන්න කියල ආණ්ඩුව සියළුදෙනාගේ වැටුප් බැංකු ගිණුම් හරහා ගෙවන්න හාම්පුතුන්ට උපදෙස් දීල තියෙනව. ඊලගට කියනව ඉතිරිකිරීම දිරිමත් කිරීම සදහා බැංකුවෙන් මුදල් ඉවත්කර ගනිද්දි දශ ලක්ෂයක් සදහා 1% කුත් දශ ලක්ෂයට වැඩිනම් 2% කුත් බද්දක් අයකරනවා. ඇත්තටම මේ මොකක්ද කරන්නේ. වැටුපෙන් 1%ක බද්ධක් අරගෙන තියෙනවා. ඉතිරිකිරීම් දිරිමත් කරන්න කියලා අපි නොකා නොබී ඉන්නද? ලෙඩට බේත් හේත් නොගෙන ඉන්නද? දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් නොකර ඉන්නද? වැටුප බැංකු ගිණුමට දැම්මට පස්සේ ඒ සල්ලි අපිට ගන්න වෙනවා. මුදල් ගන්න හැම වතාවෙම අපේ සල්ලිවලින් 1% අපි රජයට ගෙවිය යුතු බවයි මේ කියන්නේ.

අය වැය තේරෙන අයට විරුද්ධ විය නොහැකි විශ්වාශ භංගය

මේ අය වැය බොරු පොරොන්දු, ඉලක්කම් සහිත අය වැයක් නිසා අපි රවි කරුණානායක මුදල් ඇමතිතුමන්ට එරෙහිව විශ්වාශ භංගයක් කථාණායක තුමන්ට භාරදී තියෙනවා. ඒකෙ අත්සන් 44ක් තියෙනවා. විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, සහ තවත් මන්ත්‍රීවරයෙක් විදේශගතවීම නිසා මෙයට අත්සන් කර නෑ. රෝගී තත්වයෙන් සිටිනිසා ජනක බණ්ඩාර, විදුර වික්‍රමණායක යන මන්ත්‍රී වරුන්ටත් අත්සන් කිරීමට නොහැකි වුනා. ඒ වගේම උපක්‍රමික හේතූන් මත මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අත්සනත් අපි මේ සදහා එකතුකරගත්තේ නෑ. නමුත් චමල් රාජපක්ශ නාමල් රාජපක්ශ මන්ත්‍රීවරුන් දෙන්නම මේකට අත්සන් කළා. මේ අත්සන් කරල තියෙන 44 දෙනාම මහජන ඡන්දයේන තේරීපත්වූ අය මිසක හොර පාරෙන් ජාතික ලයිස්තුවෙන් ආපු අය නෙවෙයි. ඡන්දයෙන් තේරුනේ සන්ධාන මන්ත්‍රීවරුන 85 යි. ඉන් 44ක් කියන්නේ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරය මුදල් ඇමතිතුම්නට එරෙහි විශ්වාස භංගයට අත්සන් කරමින් මේ අය වැය ප්‍රෝඩාවක් කියන මතයට ඇවිත් තියෙනවා.

ඒ වගේම මේ ආන්ඩුව තුල මැති ඇමතිකම් දැරුවත් අපි දන්නවා ආර්ථික විද්‍යාව ගිණුම් කරණය පිළිබද පෘතුල අවබෝධයක් තියෙන කභීර් හෂීම් , ආචාර්ය හර්ශ ද සිලිවා වැනි ඇමතිවරුන් ඉන්නවා. නොතේරෙන අයනම් පක්ෂ නායකත්වය විසින් කිව්වම පක්ෂ නායකත්වයට ගරු කරලා අත ඉස්සුව කියන්න පුළුවන්. නමුත් ආර්ථික විද්‍යාව ගැන දැණුමක් තියෙන මේ ඇමතිතුමන්ල රට විනාශකරන බොරුවේන් පිරුණු මේ අයවැයට අත උස්සන්නේ කොහෙමද කියන එක අපිට ප්‍රශ්ණයක්.

ඒ නිසා විශ්වාශ භංග යෝජනාව ඉදිරිපත්වන විට අය වැය ගැන අවබෝධයක් තිබෙන මේ අය වැය තේරෙන කී දෙනෙක් ඉන්නවද කියලා අපිට බලාගන්න පුළුවන්. අය වැය තේරෙන කිසිම කෙනෙක් මේ අයවැයට පක්ෂව අත උස්සනෙත් නෑ විශ්වාශ භංගයට විරුද්ධව අත උස්සනෙත් නෑ.

රවි කරුණානායක ඇමතිතුමා ගෙදර යවන්න හදන්නේ අපිට මුදල් ඇමතිකම ගන්න නෙවෙයි. අපිට තිබුණා ආණ්ඩුවටම විශ්වාසභංගයක් ගෙන්න. අපිට ඔනේ මේ ආණ්ඩු ඇතුලේ වීශය ගැන පුළුල් දැනුමක් තියෙන තරුණ මන්ත්‍රිවරු ඉන්නවා කලමණාකරනය ගැන දන්න අයෙකුට ලබා දිලා රට රැක ගන්න.

මස් කටු දිගුකර මන්ත්‍රීවරු නිහඬ කිරීම

මේ ආණ්ඩුවේ ක්‍රමය තමයි මස් කටු දිගු කරලා මන්ත්‍රිවරු නිහඩ කිරීම. රටේ ජනාධිපතිතුමා ගිය සතියේ ඉතා නිර්ලැජ්ජිත උත්සහයක යෙදුනා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු ගෙන්වලා ඔබ අය වැයට ඡන්ද දුන්නොත් මම වාහනය ගානේ දෙනවා. පුංචි කාලේ මගේ තාත්තා කියනවා දග නොකර හිටියොත් සෙල්ලම් කාර් එකක් අරන් දෙනවා කියලා. ඒ වගේ තමයි ජනාධිපතිතුමාත්. තව සංවර්ධන කමිටු සභාපතිකමුත් දෙන්නම්, ප්‍රතිපාදනත් දෙන්නම් කියලා ප්‍රසිද්ධියේ අල්ලස් දිමක් තමයි ජනාධිපතිතුමා කරලා තියෙන්නේ. අපේ රටේ අවසනාවකට විධායක ජනාධිපති ක්‍රමය ඇතිවෙන්න කලින් අල්ලස් පනත් ආව නිසා අල්ලස් පනතේ විශය පතයට වැටෙන පුද්ගලයන් ගොඩට ජනාධිපතිවරයා ඇතුලත් වෙන්නේ නෑ. මේක අල්ලස් කොමිසමට පැමිණි කරන්න තිබුණා ප්‍රසිදිධියේ අල්ලස් දීමක් නිසා.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුව්ට ලැජ්ජයි මේ ගැන. වාහනයක් තනතුරක් දුන්නම රටත් ජාතියත් පාවාදෙන්න එකග වන මන්ත්‍රීවරුන් තමයි නිදහස් පක්ෂයේ ඉන්නේ කියල තමුන්ගෙ නායකය පෙන්වාදීමට යාම ගැන ඔවුන් ඉන්නේ ලජ්ජාවෙන්.

ඒ නිසා තමයි කුමාර වෙල්ගම මන්ත්‍රීතුමන් සිංහ නාද නගමින් කිව්වේ අපිට මෙහෙම දේවල් දෙන්නම් කිව්ව නමුත් අපි මේ අය වැයට විරුද්ධයි කියා. එතුමන්ල වගේ කොන්ද පණ ඇති තෑගි බෝගවලට ගිජු නැති මන්ත්‍රීවරුන් පිරිසක් පත්කිරීම පිළිබද ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා.

සාමාවතී, මාගන්ධියා, සහ රවි කරුණානායක

මොනව උනත් මේ දෙන තෑගි දිහා බැලුවහම පේන්නේ රවි කරුණානායක ඇමතිතමන්ට විශ්වාෂ භංගයෙන් ජයගන්න පුළුවන් වේවි. හැබැයි මේ හෙලි කරන අය වැයේ දැවැන්ත අඩුපාඩු හොර වංචා දැක්කම, ආත්ම ගරුත්වයක් තියෙනවනම් එතුමා ඉල්ලා අස්විය යුතුව තිබුනා. රතුමන් එහෙම කලේ නෑ.

බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබුනා සාමාවතිය වැන්නවුන් මිය ගියත් ජීවත්වෙන්නාවුන් වැනිය. මාගන්ධිය වැන්නවුන් ජීවත් වුවත් මලවුන් වැනිය. එහෙම නම් අපේ මුදල් ඇමතිතමන් විශ්වාශ භංගය දින්නත් පැරදුනත් එතුමන්ගේ ආත්මය පැරදිලා ඉවරයි. ආත්ම ගරුත්වය විනාශ වෙලා ඉවරයිග එතුමන් නම්බු පිටින් අස්වුනේ නැත්නම් විශ්වාශ භංගයෙන් පස්සේ ඇමතිධූරයේ හිටියත් නැතත් එතුමා සදාචාරවත් සමාජය තුලනම් ඇමතිකමින් ගෙදර ඇරල ඉවරයි කියන පණිවිඩය අපි එතුමන්ට ලබාදෙනව.

– අරවින්න අතුකෝරල



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5210135781694087086

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item