ජනපති-අගමැති-ඇමතිලා ඇතුළු 75 ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නොතීසි න...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නොතීසි නිකුත් කර තිබේ.

ඒ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළවයි.


නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ නෝබල් රිසෝසර්ස් පුද්ගලික සමාගමයි.

එම සමාගම තම පෙත්සමින් පෙන්වා දී ඇත්තේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90 ක් වශයෙන් ගල්අඟුරු සැපයීමේ අවම ටෙන්ඩරය ඉදිරිපත් කරනු ලැබුවේ තම සමාගම විසින් බවයි.

එසේ තිබියදී අදාළ ටෙන්ඩරය පිරිනමා ඇත්තේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 101 ක් වශයෙන් ඉහළ ටෙන්ඩරයක් ඉදිරිපත් කළ ස්විස් සිංගප්පූර් සමාගමට බව පෙත්සම්කාර සමාගම පෙන්වා දී ඇත.

තම සමාගමට පෙත්සම පිරිනමන මෙන් රජයේ තාක්ෂණ ඇගයීම් කමිටුව ද නිර්දේශ කර තිබූණ ද එම නිර්දේශය පසෙක ලා අමාත්‍ය මණ්ඩලය මගින් පත් කළ ටෙන්ඩර් කමිටුව වගඋත්තරකාර සමාගමට ටෙන්ඩරය ලබා දීමට පියවර ගත් බව ද පෙත්සම්කාර සමාගම මෙම පෙත්සමෙන් පෙන්වාදෙයි.

මේ තුළින් රජයේ ටෙන්ඩර් පටිපාටිය බරපතළ ලෙස උල්ලංඝණය වී ඇති බවත් ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු කේ.ශ්‍රී .පවන් මහතා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම දෙසැම්බර් මස 15 වනදා විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලදී.

එමෙන්ම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට එදින ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙනී සිටින ලෙසටද නොතීසි නිකුත් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8848484760841148140

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item