හොරෙන් ගෙනා ප්‍රාඩෝ 403ක්‌ 'හොරෙන්ම' මුදා හරින තැතක්‌ - රේගු වෘත්තීය සමිති චෝදනා කරයි

රේගු වංචා නිසා රඳවා තබාගෙන සිටින ප්‍රාඩෝ ජීප් රථ 403 ක්‌ (TRJ150) රජයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ නියෝගය මත දඩ මුදලක්‌ද අය නොකර ආනයනකරුවන්ට මුද...

රේගු වංචා නිසා රඳවා තබාගෙන සිටින ප්‍රාඩෝ ජීප් රථ 403 ක්‌ (TRJ150) රජයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ නියෝගය මත දඩ මුදලක්‌ද අය නොකර ආනයනකරුවන්ට මුදාහැරීමට රේගුව කටයුතු කරන බව රේගු ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කර සිටී.

මේ නිසා රජයට අහිමිවන මුදල රුපියල් කෝටි 322 ක්‌ බව පවසන එම සන්ධානය මේ පිළිබඳ ජනාධිපතිවරයාට ලිතව පැමිණිලි කිරීමට තීරණය කළ බවද ප්‍රකාශ කළේය.

ආනයනය කරන ලද මෙම ප්‍රාඩෝ රථ 403 රේගුවේ නීතිරීති වලට පටහැනිව ගෙන්වීම නිසා රඳවා තබාගෙන සිටින බවද සන්ධානය ප්‍රකාශ කළේය. මෙම වාහන මුදාහැරීම සඳහා දඩ මුදලක්‌ ගෙවිය යුතු මුත් රජයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ නියෝගය මත මෙම වාහන අතිරේක තීරු බද්දක්‌ පමණක්‌ ගෙවා මුදාහැරීමට තීරණය කර ඇතැයිද රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.

මෙම එක්‌ වාහනයක්‌ සඳහා රුපියල් ලක්‍ෂ අසූවක මුදලක්‌ අයවිය යුතු මුත් මෙසේ මුදාහැරීම නිසා එම මුදල රජයට අහිමිවන බවද වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2692965469363101153

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item