ඝාතනයට ලක්වූ අභිරහස් මල සිරුරක් හමුවේ

ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංකයට...

ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව අදාළ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.

හිසෙහි බරපතළ තුවාල සහිතව මියගොස් සිටි මෙම පුද්ගලයා අරුක්ගොඩ, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසීය.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

සිද්ධියට අදාළ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර පානදුර දකුණ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3915161008265228785

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item