අධිවේගයේ ආදායම් වාර්තා බිඳ වැටේ

දීර්ඝ නිවාඩුවක් සමග බොහෝ පිරිසක් සිය ගමනාගමන පහසුකම් සලසා ගැනීමේ අරමුණින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ...

දීර්ඝ නිවාඩුවක් සමග බොහෝ පිරිසක් සිය ගමනාගමන පහසුකම් සලසා ගැනීමේ අරමුණින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (24) අළුයම 04 සිට පස්වරු 04 දක්වා පැය 12ක කාලය තුල උපයා ඇති ආදායම රුපියල් මිලියන 14ක්. එම කාලය තුලදී දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් කර ඇති රථවාහන සංඛ්‍යාව පනස් දහසකට ආසන්නයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සාමාන්‍යයෙන් දිනක ආදායම රුපියල් මිලියන 11 ක් පමණ වනවා.

එබැවින් ඊයේ (24) ලැබූ ආදායම පැය 12 ක් තුල ඉපැයූ වැඩිම අදායම වන බවයි මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතා පැවසුවේ. 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිටවීමේ පිවිසුමේ ඊයේ (24) දැඩි රථවාහන තදබදයක් පැවතුනා. යෙදී ඇති දීර්ඝ නිවාඩුව හේතුවෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් අතිවිශාල ජනකායක් දකුණේ සංචාරය කිරීම මීට හේතු වූ බවයි ඩී.සී. දිසානායක මහතා පැවසුවේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4397085111237880952

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item