ජනපති සහ අගමැතිගෙන් නත්තල් සුබ පැතුම්

උදාවූ නත්තල වෙනුවෙන් ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයාද සුභපැතුම් පණිවිඩ නිකුත් කර තිබුණා. ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන ...

උදාවූ නත්තල වෙනුවෙන් ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයාද සුභපැතුම් පණිවිඩ නිකුත් කර තිබුණා. ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන මහතාගේ නත්තල් පණිවිඩයේ දැක්වෙන්නේ අසල්වැසියන් සහ අවශේෂ සමාජය කෙරෙහි පේ‍්‍රමයද අනෝ‍යන්‍ය ලැබැඳියාවද සහජීවනයෙන් ප‍්‍රභාමත් කරනු ලබන සංහිදියාවද නත්තලේ දකින විශ්ව ලකුණ වන බවයි. එය කවර රටක් වුවද කවර ජාතියක් වුවද අගය කළ යුතු වඩවඩාත් පෝෂණය කළ යුතු සාර්වාත‍්‍රික මෙන්ම සර්වකාලීන සාධනීය ගුණාංගයකි. එම ගුණය සාක්ෂාත් කරගන්නා ප‍්‍රමාණයට සාපේක්ෂව ලෝකය පුරා ගිනි අවි නිහඩ වනු ඇති අතර සාමයේ සිසිලස සෑම හදවතකම ලැගුම් ගනු ඇති බවයි ජනාධිපතිවරයාගේ නත්තල් පණිවිඩයේ දැක්වෙන්නේ. 

කිතු සමිදානන්ගේ ජීවිතාදර්ශය තුල අපගේ ජීවිතද ගොඩනගා ගන්නට උත්සාහ කළයුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. නත්තල් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්තමාන සමාජය ඉල්ලා සිටින්නේද ජාති, ආගම්, බේද නොසලකන සාමය. සතුට පිරුණු දේවත්වය සහ මනුෂ්‍යත්වය අත්වැල් බැඳගත් යහපත් පරිසරයක් බවයි. ගුණදම් සපිරි වටපිටාවක් මෙන්ම නීතිය, සාමය හා යුක්තිය රජයන යහපත් දේශයක් වෙනුවෙන් එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීම අපගේ යුතුකම බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ. 

නත්තල වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරන විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පෙන්වා දෙන්නේ සාමය හා සමගිය ගොඩ නැගීමට ගන්නා ප‍්‍රයත්නයේදි නත්තලේ පණිවිඩය වන සාමය, බලාපොරොත්තුව, ගරුත්වය රැකගනිමින් සහ එය අර්ථවත් කරමින් සෞභාග්‍යමත් රටක් වෙත පියනගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5114708033085285621

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item