අඬාහැලෙන ඇල්ල තරුණිය සහ පෙම්වතා ඝාතනය කර ඇති බව හෙළිවේ

ඇල්පිටිය, පිටුවල, අඬාහැලෙන ඇල්ල පහළ තිබි අබිරහස් ලෙස ඝාතනය කරන ලද තරුණ පෙම් යුවළකගේ මළ සිරුරු ඊයේ දින (13) සොයාගත් බව ඇල්පිටිය මූලස්ථාන ‍...

ඇල්පිටිය, පිටුවල, අඬාහැලෙන ඇල්ල පහළ තිබි අබිරහස් ලෙස ඝාතනය කරන ලද තරුණ පෙම් යුවළකගේ මළ සිරුරු ඊයේ දින (13) සොයාගත් බව ඇල්පිටිය මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්පකුමාර සඳහන් කරයි.ඇල්පිටිය මූලික රෝහ‍ලේ දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරාගේ වාර්තාවට අනුව ගැහැනු ළමයාගේ හිසට ‍පොල්ලකින් ගසා ඝාතනය කර ඇති බවත් ඇගේ පෙම්වතාගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවටත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්පකුමාර කීවේය.

මෙම මරණ සියදිවි හානිකර ගැනීමක් බවට ජනතාව නොමග යැවීම සඳහා එම ස්ථානයේ කෘමිනාශක බෝතලයක් දමා ඇතැයි ද ඔහු කීවේය. ඊයේ (13) උදේ අඬාහැලෙන ඇල්‍ලේ දියනෑමට ගිය පිරිසක් ඒ අවට අධික දුර්ගන්ධයක් හැමීම ගැන තොරතුරු සෙවීමේදී මෙම කාන්තා මළ සිරුර හමුවී ඇත. පසුව 119 හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුව විමර්ශනවලදී කාන්තා මළ සිරුරට මීටර් 25ක් පමණ ඈතින් තරුණයාගේ මළ සිරුර තිබි සොයාගත් බව ‍පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය, නවදගල, අලිකෑහේන වත්ත ප්‍රදේශයේ පදිංචි, කන්දගේ අනූෂා ප්‍රියදර්ශනී (18) හා හේවා හඳුන් පතිරණ අශාන් ජයශාන්ත (23) නමැති දෙදෙනෙකි.

ඉකුත් අඟහරුවාදා සිට මෙම තරුණිය හා තරුණයා සිය නිවෙස්වලින් බැහැරව ගොස් ආපසු නොපැමිණීම ගැන නිවෙස් හිමියෝ ඇල්පිටිය ‍පොලිසියට පැමිණිලි කර ඇත.

අඬාහැලෙන දොළ ප්‍රදේශයට මෙම පෙම් යුවළ ඉකුත් 11 වන සිකුරාදා යතුරුපැදියකින් පැමිණ තිබේ. කුලියට යතුරුපැදි ආරක්ෂා කරන ස්ථානයක යතුරුපැදිය දමා ඔවුන් ඇල්ල දෙසට ගොස් තිබේ. දින දෙකක් තිස්සේ හිමිකරුවකු නොමැති යතුරුපැදිය පිළිබඳව කුලියට යතුරුපැදි ආරක්ෂා කරන ස්ථානයේ හිමිකරු ‍පොලිසිය දැනුවත් කළේ නම් මීට පෙර මළ සිරුරු සොයා ගැනීමට හැකියාව තිබූ බව ‍පොලිසිය පවසයි.

මියගොස් ඇති තරුණ යුවළ වැටී සිටි ස්ථානවල අධික විෂ සහිත කෘෂි රසායනික හිස් බෝතල් දෙකක් වැටී තිබූ අතර තරුණියගේ සිරුරේ කොටසක් සතුන් කා දමා අධික ලෙස දුගඳ හමමින් තිබුණි.

මෙම තරුණ යුවළගේ පෙම් සබඳතාව ගැන නිවෙස්වල අය දැනුවත්ව සිට ඇත. ඊට නිවෙස්වලින් විරුද්ධ වීමක් නොමැතිව තිබියදී දිවි නසාගැනීමට හේතුව දෙපාර්ශ්වයේම ඥාතීන්ට ගැටලුවක් වී ඇති බව ඔවුහු පවසති.

තරුණයා යුද හමුදාවේ සේවය කරමින් සිටි අතර නිවාඩුවට පැමිණ ඉකුත් 11 වන දින කුරුඳුගහහැතැප්ම නගරයට යන බව පවසා ගොස් ඇති බවත් තරුණිය ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා වූ අමතර පන්තියකට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇත්තේ රෙදි බෑග් ඇඳුම් කිසිවක් නොමැතිව බවත් ඒ අයගේ පවුල්වල ඥාතීන් ‍පොලිසියට කළ පැමිණිලිවල සඳහන්ය. මෙම දෙදෙනාගේ පෙම් සම්බන්ධතාවට මාස හයක් පමණ වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම ස්ථානයෙන් මේ වන විට හය දෙනකු විවිධ අනතුරු හා හේතූන් මත මරණයට පත්වී ඇති බවත් ‍පොලිස් මුර‍පොළක අවශ්‍යතාව මෙම ස්ථානයට ලබා දෙන ලෙස අවට ප්‍රදේශවාසීහු ඉල්ලා සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. They could have killed the boy first to rape the girl.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 5728572803825228781

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item