නිශාන්තගේ වැය ශීර්ෂ පරාදයි!

බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබඳ අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණ...

බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබඳ අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ විෂයන් 6ක වැය ශීර්ෂ අද 45ට 23ක් ලෙස බස්නාහිර පළාත් සභාවේදී පරාජයට පත්ව තිබේ.

අදාළ වැය ශීර්ෂ පළාත් සභාවට ඉදිරිපත් කර ඇත්තේ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප‍්‍රකාශක බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ විසිනි.

එම වැය ශීර්ෂ සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට ජවිපෙ මන්ත්‍රීවරුන් විසින් කළ ඉල්ලීමට අනූව ඡන්දයක් පැවැත්විණ.

මන්ත්‍රීවරුන් 104 දෙනෙකුගෙන් සමන්විත බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් රැසක් අද සභාවට නොපැමිණ සිටියද පැමිණ සිටි අය අතුරින් 45 දෙනෙකුම ඊට විපක්ෂ වී තිබේ.

එජාප මන්ත්‍රීවරුන් ඇතුළු 23 දෙනෙකු ඊට සහය පළ කර ඇත.

එහෙත් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්, ෆොන්සේකා‍ගේ මන්ත්‍රීවරුන් හා ජවිපෙ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඡන්දය පැවැත්වෙන අවස්ථාවේ ප්‍රධාන ඇමතිවරයා සභාවේ නොසිටි බව ජවිපෙ මන්ත්‍රී මහින්ද ජයසිංහ පැවසීය.

කෙසේ වෙතත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඇතුළු අමාත්‍ය 4ක වැය ශීර්ෂ මීට පෙර සම්මතව තිබිණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4657366035936374566

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item