සීපා වෙනුවට වෙනත් ගිවිසුමක් - යහපාලනය කොලේ වහල ගහන්න යයි

ඉන්දියාව සමග සීපා ගිවිසුම අත්සන් නොකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ වෙනත් නමකින් හෝ ඊට සමාන ගිවිසුමකට...

ඉන්දියාව සමග සීපා ගිවිසුම අත්සන් නොකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ වෙනත් නමකින් හෝ ඊට සමාන ගිවිසුමකට රජය අත්සන් නොතබන බවයි.

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ සීපා ගිවිසුම සඳහා එක්කර තිබූ වගන්තිවලට රජය කිසිසේත් එකඟ නොවන බවයි. 

රටට අහිතකර සීපා ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉවත්කර ඇති බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා රජයක් ලෙස අත්සන් තබනු ලබන්නේ රටට හිතකර ගිවිසුමකට බවද අවධාරණය කළා. එහි අඩංගු වන්නේ ආර්ථික සහ තාක්ෂණික ක්‍ෂේත‍්‍රවලට අදාළ වගන්ති පමණක් බවද රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවා.

ඒ සියලූ ගිවිසුම් අත්සන් කිරීමට පෙර වෘත්තිය සමිති මෙන්ම පක්ෂ නායකයින්ද දැනුවත් කර කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලබා ගන්නා බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ. එ්වායේ සියලූ කරුණු පාර්ලිමේන්තුවට හෙළි කරන බවත්, බහුතර එකඟතාවකට අනුව ගිවිසුම් අත්සන් කරන බවත්, අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7422579683569460560

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item