අවුරුදු 6000 ක් පරණ ධාන්‍ය හමු වෙයි

ශී‍්‍ර ලංකාවේ ඉතිහාසය පිළිබද දැනට ඇති මතයන්ට අභියෝග කරන තවත් සොයා ගැනීමක් පුරාවිද්‍යාව පිළිබද මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් සිදුකර...

ශී‍්‍ර ලංකාවේ ඉතිහාසය පිළිබද දැනට ඇති මතයන්ට අභියෝග කරන තවත් සොයා ගැනීමක් පුරාවිද්‍යාව පිළිබද මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් සිදුකර තිබෙනවා.

ශී‍්‍ර ලංකාව ගොවිතැන සදහා තාක්‍ෂණික දැනුම ලබාගත්තේ ඉන්දියාවෙන් බව දැනට ඇති මතයක්. කෙසේවෙතත් තමන් කළ සොයා ගැනීමෙන් මෙම මතය අභියෝගයට ලක්වන බව මහාචාර්ය රාජ් සෝමදේව කියාසිටියා.

ඒ අනුව බලන්ගොඩ වැලිගෙපොල ඉලුක්කුඹුර ලුනුගල්ලෙනේ කැණීමක දී සොයා ගත් ධාන්‍යවර්ග වසර 6350 ක් පැරණි බව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයය දන්වා ඇතැයි පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවා.

දඩයම් හා කෘෂිකර්මාන්තය අතර සංක්‍රාන්තිය සිදුවූ ප්‍රදේශයක් ලෙස ඉලුක්කුඹුර ලුනුගල්ලෙන සහ අවට කලාපය දැක්විය හැකි බව ද  පෙන්වා දුන්නා. 
කෙසේවෙතත් කරුණු තහවුරු කර ගැනීම සදහා අදාළ කැනීම් සහ පරීක්‍ෂණ තවදුරටත් සිදුකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1932000647331579475

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item