විශේෂ ප්‍රකාශ පෝලිමේ - ජනපති, අගමැති විශේෂ ප්‍රකාශයකට

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සූදානම් වනවා.අරලියගහ මන්දිරයේ සිට අග‍්‍රාමාත්‍යවරයා මෙම ප‍්‍රකාශ...

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සූදානම් වනවා.අරලියගහ මන්දිරයේ සිට අග‍්‍රාමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය හෙට (04) පෙරවරු 9.30 ට සිදු කිරීමට නියමිත බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ .අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දිනවල එංගලන්තයේ සංචාරයක නිරත වුණා. එම සංචාරය නිමා කරමින් අග‍්‍රමාත්‍යවරයා මවුබිමට පැමිණියේ අද (03) පෙරවරුවේයි.මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 9 වැනිදා පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කිරීම පිළිබඳව එහිදී කරුණු දැක්වීමට නියමිතයි.සිය පළමු පදවිප‍්‍රාප්තිය යෙදෙන ලබන 8 වැනිදා ද ජනාධිපතිවරයා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සැලසුම් කර තිබෙනවා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජනාධිපතිවරයා විසින් එම ප‍්‍රකාශය සිදු කෙරෙනු ඇති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3347317358631010032

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item