ව්‍යවස්ථාවේ මුලික සැලැස්ම කෙටුම්පත් කර අවසන් - එහෙත් ජනතාව පීඩනය අඩු කිරීමට ජනතා අදහස් විමසයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කොළඹ දිස්ත්‍රික් සැසිවාර කොළඹ 02, ස්ටේපල් වීදියේ විසුම්පායේ තිබෙන ලේකම් කාර්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කොළඹ දිස්ත්‍රික් සැසිවාර කොළඹ 02, ස්ටේපල් වීදියේ විසුම්පායේ තිබෙන ලේකම් කාර්යාලයේදී අද(18) සිට 22 දක්වා පෙ.ව.9.30 සිට ප.ව.4.30 දක්වා පවත්වනු ලැබේ.

මෙම සැසිවාර මහජනතාව සඳහා විවෘත වන අතර මෙම කමිටුවට තමන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සහභාගී වන ලෙස මහජනතාවට ආරාධනා කරනු ලැබේ. වාචික අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේදී සාරාංශයක් සමග ලිඛිතව ද අදහස් ඉදිරිපත් කරන මෙන් කමිටුව ඉල්ලා සිටී. 

රජය ජනතා අදහස් විමසීම මෙසේ ආරම්භ කලත් මේ වනවිට ව්‍යවස්ථාවේ මුලුක සැලැස්ම කෙටුම්පත් කර අවසන් බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන කරනවා. අගමැති, ජනාධිපතිගේ නියෝජිතයකු, නීතිඥ ජයම්පති වික්‍රමරත්න සහ තවත් විදෙස් රටවල් නියෝජිතයන් දෙදෙනෙකුගෙන් සමන්විත ඉතා රහස්‍ය කමිටුවක් මගින් මේ වනවිට සාකච්චා වට කීපයක් පවතා තිබේ. එහිදී එකඟ වූ කරුණු අනුව ඒකීය බව සහ බුද්ධාගමට දැනට ඇති වගන්ති එසේ පවතිමින් එය ඉක්මවා සහ හරය ශුන්‍ය ව යන ලෙස වෙනත් වගන්ති ඇතුලත් කිරීමට තීරණය කර තිබේ.

කමිටුව සමග සම්බන්ධ විය හැකි ආකාර

දුරකථන - 0112437676

ෆැක්ස් - 0112328780


වෙබ් - yourconstitution.lk 

තැපෑල - සභාපති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුව, ලේකම් කාර්යාලය, කොළඹ 02.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 801564636948508350

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item