බන්දුලත් නව පෙරමුණට එක් වෙයි?

නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තවමත් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ (20) සඳහන් කරයි. ...

නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තවමත් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ (20) සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විවිධ කණ්ඩායම් ඇති බැවින් මේ වනවිට සිදු කරන සාකච්ඡා පිළිබඳ වරින් වර ඔවුන් අදහස් දැක්වීම් සිදු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද වරින් වර අදහස් අදහස් දැක්වීම් සිදුකර ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.

ඔහු මේ බව පැවසූවේ බොරැල්ල කොටා පාරේ පිහිටි එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහි දී වැඩිදුර අදහස් දැක් වූ බන්දුල ගුණවර්ධන, මේ වනවිට එක් ව සිටින ඇතැම් පාර්ශ්ව වෙනම පක්ෂයක් නිර්මාණය කළයුතු යැයි අදහස් දක්වා ඇති බවත් එය සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ අදහස ලෙස සැළකිය නොහැකි බවත් ය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු බැවින් ඔහු පාක්ෂිකයන්ගේ සිතුම් පැතුම් නියෝජනය කරන බව පෙන්වා දුන් හෙතෙම වෙනත් පක්ෂයක් නිර්මාණය කරගන්නැයි පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් එවැනි පක්ෂයක් ඇතිවුවහොත් ජනතාවගේ ඉල්ලීම සලකා බලා තමා ද එයට සම්බන්ධවන බවත් වැඩි දුරටත් පැවසී ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9118971543919466232

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item