ශ්‍රී ලංකාව හා තමිල්නාඩුව සංචාරක කලාපයක් කිරීමේ සැලසුමක්

ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හා තමිල්නාඩුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබේ. ස්ව්ට්සර්ලන්තයේ ඩ...

ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හා තමිල්නාඩුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබේ.

ස්ව්ට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ඉන්දීය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නයිදු යන මහත්වරුන් අතර පැවති හමුවේදී මේ බව අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකාව හා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය අතර ආගමික, සංස්කෘතික හා සංචාරක සබඳතා තහවුරු කිරීම පිළිබඳව සොයා බැලීමට දෙරටේ නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද එහිදී එකඟතාවට පැමිණ තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, මේ පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සමග ද සාකච්ඡා කරන බව ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7641339304466116781

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item