උතුරට බලතල නෑ - විග්නේශ්වරන් අප්‍රිකාවෙන් සහ ස්විට්සර්ලන්තයෙන් ගෙනල්ලා ව්‍යවස්ථාව ගැන කරුණු කියයි

උතුරු පළාතේ ජනතාවට පවතින ගැටළු විසදීම වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුව නිසි කි‍්‍රයාදාමක් ගෙන නොමැති බවත්,උතුරු පළාත් ජනතාවගේ ගැටළු වෙනුවෙන් දේශපාලන ...

උතුරු පළාතේ ජනතාවට පවතින ගැටළු විසදීම වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුව නිසි කි‍්‍රයාදාමක් ගෙන නොමැති බවත්,උතුරු පළාත් ජනතාවගේ ගැටළු වෙනුවෙන් දේශපාලන විසදුමක් නොලැබීම හා පළාත් සභාව වෙත පවතින බලතල සීමා සහිත වීම ගැටළුවක් වන බවත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් පවසනවා.

ස්විස්ටර්ලන්ත හා දකුණු අප‍්‍රිකානු විද්වතුන් පිරිසක් බලය බෙදාහැරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍රවරුන් දැනුවත් කිරීම සඳහා සම්මන්ත‍්‍රණයක් ඊයේ (18) යාපනය පුස්තකාල ශ‍්‍රවණාගාරයේදි පැවැත්වු අවස්ථාවට එක්වෙමින් ප‍්‍රධාන අමාත්‍යවරයා එලෙස පැවසුවා.

වැඩසටහන් අවස්ථාවේදි වැඩිදුරටත් අදහස් දැක්වු විග්නේශ්වරන් පැවසුවේ මෙරට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා තුළින් පළාත් සභාවන් වෙත අඩු සැළකිල්ලක් දක්වා ඇති බවයි.

බලය බෙදාහැරීම,පළාත් සභා කි‍්‍රයාකාරීත්වය හා ප්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමය සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත හා දකුණු අප‍්‍රිකානු විද්වතුන් දේශන පැවැත්වු බව උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ.ශිවාජිලිංගම් පැවසුවා.

හෙතෙම වැඩිදුරටත් කියා සිටියෙ රාජ්‍ය නොවන සංවිධානයක් හා උතුරු පළාත් සභාව ඒකාබද්ධව අදාළ සම්මන්ත‍්‍රණය පැවැත්වීම සංවිධානය කළ බවයි.

වැඩසටහන් අවස්ථාවට උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් ඇතුළු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍රවරුන් සහභාගි වි සිටියා.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2799425943591506070

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item