වාරිය‍පොළ ස්ථානාධිපතිවරයා බිමත්ව සිටියදී කොටුවේ

වාරිය‍පොළ ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එස්.කේ.එන්. ප්‍රියන්ත රාජකාරි වේලාවේදී බිමත්ව සිටියදී ඉහළ නිලධාරීන්ට හසුවී තිබේ. පො...

වාරිය‍පොළ ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එස්.කේ.එන්. ප්‍රියන්ත රාජකාරි වේලාවේදී බිමත්ව සිටියදී ඉහළ නිලධාරීන්ට හසුවී තිබේ. පොලිස්පතිවරයාගේ පැමිණිලි අංශයට ලැබී තිබුණු දුරකථන ඇමැතුමකට අනුව මෙලෙස ස්ථානාධිපතිවරයා ‍පොලිසියේ ඉහළ නිලධාරීන්ට කොටුවී ඇත. ඊයේ සවස ‍පොලිස්පති හදිසි පැමිණිලි අංශයට දුරකථන ඇමැතුමකින් දැනුම් දී ඇත්තේ වාරිය‍පොළ ‍පොලිස් ස්ථානාධිපතිවරයා බිමත්ව සිටින බව කියාය. පසුව අදාළ පැමිණිල්ල පිළිබඳව කුරුණෑගල කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරයාට දන්වා ඇත. ඒ අනුව සහකාර ‍පොලිස් අධිකාරිවරු දෙදෙනකු වාරිය‍පොළ ‍පොලිස් ස්ථානයට ගොස් ඇත.එසේ යනවිට ස්ථානාධිපතිවරයා ‍පොලිසියෙන් පිටතට ගොස් සිට ඇති අතර, පසුව ඔහු ගෙන්වා වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර තිබේ. ස්ථානාධිපතිවරයා බිමතින් සිටින බවට තහවුරු වී ඇත. ඒ අනුව ඊයේ සවස සිට වාරිය‍පොළ ‍පොලිස් ස්ථානයේ රාජකාරී සඳහා වෙනත් නිලධාරියකු යොදවා ඇති අතර, ස්ථානාධිපති පිළිබඳව විනයානුකූල පියවර අද (19) ගැනීමට නියමිත බව ප්‍රදේශය බාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 11145250978538798

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item