'මත්තල වී ගබඩාව ඉවත් කරනවා' - මහින්ද අමරවීර

මෙම වසරේ මාර්තු මාසය වනවිට මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා සියල්ල ඉවත් කර ගුවන්තොටුපල සංවර්ධනය කිරීම ආරම්භ කරන බවත් ගුවන්යානා පැමිණෙන ගුවන් මධ්‍...

මෙම වසරේ මාර්තු මාසය වනවිට මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා සියල්ල ඉවත් කර ගුවන්තොටුපල සංවර්ධනය කිරීම ආරම්භ කරන බවත් ගුවන්යානා පැමිණෙන ගුවන් මධ්‍යස්ථානයක් බවට මත්තල ගුවන්තොටුපල පත්කරන බවත් ධිවර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ අද (05) හම්බන්තොට,රන්න ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.

වර්තමාන රජය විසින් පසුගිය වසරේ සැප්තැම්බර් 02 වන දින මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීම ආරම්භ කළ අතර ඊට එහි සේවකයන්ගේ හා ප්‍රදේශයේ ජනතාවගේ දැඩි විරෝධතාවයක් එල්ල විය. එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද එය විවේචනය කළ නමුත් රජය එම වැඩසටහන ක්‍රියාවට නැංවීය. නමුත් ඉන්පසුව කටුනායක ගුවන්තොටුපල තුල හටගත් විවිධ හදිස්සි තත්වයන් හේතුවෙන් අවස්ථා කිහිපයක් තුලදීම ගුවන්යානා ගොඩ බැස්ස වීමට මත්තල ගුවන්තොටුපල භාවිතා කිරීමට සිදුවිය.

අමාත්‍යවරයා කියාසිටියේ තමා වගකියන්නේ තමාව බලයට පත්කළ හම්බන්තොට ජනතාවට පමණක් බවත් ඔවුන්ට පාඩුවක් අවාසියක් සිදුවේනම් තමා එයට විරුද්ධව පෙනී සිටිනවාසේම ඒ වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත්ය.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ හම්බන්තොට සංවර්ධනයේ ප්‍රධාන ව්‍යාපෘති හතර වූ අධිවේගී මාර්ගය,දුම්රිය මාර්ගය,ගුවන් තොටුපලසහ වරාය යන හතරම ක්‍රියාත්මක නොවීමට ගියබවත් ගුවන්තොටුපල වී ගබඩාවක් කලොත් තමා ආණ්ඩුවෙන් ඉවත්වන බවත්ය. අමාත්‍යවරයා අවසානයේ කියාසිටියේ එම ව්‍යාපෘති හතරම ක්‍රියාත්මක කරගත හැකි වුයේ තමා වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස සිටි නිසා බවය.











මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6031655595938843253

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item