'සිංහලේ' ගැන බස් හිමියෝත් කතා කරයි
බොහෝ ප්‍රදේශවල සිංහලේ නමින් ජාතිවාදට හේතුවෙන ස්ටිකරයක් බස් රථවල අලවමින් ඇති බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ලංකා පෞද්ගලික බස්...
http://www.sathhanda.com/2016/01/blog-post_796.html
බොහෝ ප්‍රදේශවල සිංහලේ නමින් ජාතිවාදට හේතුවෙන ස්ටිකරයක් බස් රථවල අලවමින් ඇති බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ගෙන් ඉල්ලා සිටී.
මෝටර්රථ දෙපාර්තමේන්තුවට පවතින නීතිරීතිවලට අනුව බස් රථවල ඉදිරිපස සහ පසුපස ස්ටිකර් ඇලවීම සපුරා තහනම් බවත් මේ නිසා අදාළ ස්ටිකර් අලවන පුද්ගලයන්ට එරෙහිව පොලීසියට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (28) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
Related