උපේක්‍ෂාගේ විවාහය දින නියමයක් නැතුව කල් ගිය හේතුව මෙන්න

උපේක්ෂා ස්වර්ණමාලි දෙවන වරට මේ මස 24 වනදා විවාහ වන බව කියා තිබුණා. නමුත් දැන් අප වෙත දැන ගන්නට ලැබෙන්නේ දින නියමයක් නැතිවම උපේක්ෂා විවාහ ...

උපේක්ෂා ස්වර්ණමාලි දෙවන වරට මේ මස 24 වනදා විවාහ වන බව කියා තිබුණා. නමුත් දැන් අප වෙත දැන ගන්නට ලැබෙන්නේ දින නියමයක් නැතිවම උපේක්ෂා විවාහ වෙන්න හිටිය දිනය කල් ගොස් ඇති බවයි. විවාහ මංගල උත්සවයට සියළු කටයුතු සූදානම් කර තිබියදී මෙසේ හදිසියේ විවාහය කල් යෑම පිළිබදව උපේක්ෂා මෙසේ අදහස් දක්වා සිටියා.

උපේක්‍ෂාට කරදර පිට කරදර...? කියලා වැඩක් නෑ... කරදර එනකොට වැල නොකැඩී එනවා.

විවාහයත් කල් ගියාලු නේද? ඔව්... දින නියමයක් නැතුව කල් ගියා... අම්මා අසනීප වුණා... මට ඉන්නෙත් අම්මා විතරයි. අම්මා අසනීපයෙන් ඉන්නකොට මට උත්සව ගන්න බෑනේ.

හිටපු හැටියේ අම්මාට මොකද වුණේ...? හාට් ඇටෑක් එකක් ආවා...

දැන් රෝහලේද? ඔව්... ඔයා මේ කතා කරන මොහොතෙත් අම්මා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නවා.

තාමත් සුවයක් නැද්ද? සුවවෙමින් ඉන්නේ.... ඒත් අඩමානෙට වැඩ කරන්න බෑනේ... මට හැමදේටම වඩා අම්මා වටිනවා.

විවාහ මංගල්‍යයක් කල්දානවා කියන්නේ ලේසි නෑ...? ඔව්... හිතුවට වඩා අමාරුයි. පොඩි උත්සවයක් වුණත් ලේසි නෑ... වෙඩින් එකක් කියන්නේ ඊඥචථ ඹධපඬ එකක්. අපි වෙනුවෙන් හැමෝම දිනය වෙන්කරගෙන ඉවරයිනේ. ආයේ ඒ හැමෝටම පහසු දවසක් හොයාගන්නත් ලේසි නෑ... ඒත් කරන්න දේකුත් නෑ...

මංගල්‍යයට ආරාධනා කරපු අයට කල්ගිය බව දැනුවත් කළාද? හොඳ වෙලාවට ළඟම සීමිත පිරිසකටයි මම ආරාධනා කළේ. හුඟාක් අය වෙච්ච දේ දන්නවා. මම ඒ අයගෙන්මයි උපදෙස් පැතුවෙත්. අනිත් හැමෝටම කෙටි පණිවුඩයකින් හරි දැනුවත් කිරීමක් කළා. කවුරුත් මගේ තත්ත්වය තේරුම් ගත්තා.

කවුරු තේරුම් ගත්තත් වැඩක් නෑ පෙම්වතා වෙච්ච දේ වගේම ඔයාගෙ හිත තේරුම් නොගත්තොත්. විවාහය කල්දාන්න ගත්ත තීරණයට ඔහු එකඟ වුණාද? ඔව්... ඔහු විතරක් නෙවෙයි ඒ පවුලේ අයත් ඒක තේරුම් ගත්තා. ඔහු තමයි මට හැමදේටම උදවු කරන්නේ.

දැන් ඉතින් කවදා විතරද ආපහු මංගල්‍යය ගැන හිතන්නේ...?පෙබරවාරිවල සාමාන්‍යයෙන් වෙඩින් ගන්නෙ නෑනේ... බලමු හොඳ නැකතක් ඉක්මනට හොයා ගන්න ඕනෑ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 4514217753119004101

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item