පාන් බනිස් ගණන් උස්සයි

තිරිඟු පිිටි කිලෝ 01 ක මිල රුපියල් දෙකකින් ඉහළ යාමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ දමා ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා....

තිරිඟු පිිටි කිලෝ 01 ක මිල රුපියල් දෙකකින් ඉහළ යාමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ දමා ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඇතැම් ප‍්‍රදේශවල මිල ගණන් ඉහළ දමා ඇත්තේ විවිධ මිල පරාසයන් යටතේ බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සංගමයක් ලෙස මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

එහෙත් පිටිමිල ඉහළ යාම හේතුවෙන් බේකරි හිමියන් විසින් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමා ඇති බවට තමන්ටද දැන ගන්නට ඇතැයි ඔහු කියා සිටියා.

ඇතැම් දේශීය තිරිඟු පිටි සමාගම් පවසන්නේ ජනවාරි පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි තිරිඟු පිිටි කිලෝ 01 ක මිල ඉහල දමා ඇති බවයි. ජාතිය ගොඩනැගීමේ බද්ධ ඉහළ නැංවීම ඊට හේතුව බවටයි පැවසෙන්නේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5311093233934090869

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item