බෙහෙත් වර්ග 100ක්‌ හිඟයි

සියලුම රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග සියයක හිඟයක්‌ සති කිහිපයක තිස්‌සේ පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය. ...

සියලුම රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග සියයක හිඟයක්‌ සති කිහිපයක තිස්‌සේ පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

අදාළ ඖෂධ හිඟය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශය වාර්තාවක්‌ මගින් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත. 

ප්‍රතිශක්‌තීකරණ එන්නත්, ළමා රෝගීන්ට ලබාදෙන එන්නත්, සීසේරියන් සැත්කම් සඳහා භාවිතා කරන ඖෂධ ඇතුළු ඖෂධ සියයක හිඟය තව මාසයක්‌ දක්‌වා පවතිනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම ඖෂධ මැලේසියාව, ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයකින් ගෙන්වන බව ද, එසේ ගෙන්වන්නේ නම් සති දෙක තුනක්‌ ගතවනු ඇති බව ද වාර්තා වේ.

රෝගීන්ට ලබාදෙන බෙහෙත්වල ඇසුරුම් සහ අත්වැසුම්වල ද දැඩි හිඟයක්‌ පවතින බව ද එම ආරංචි මාර්ග පැවසීය.

වෛද්‍ය සැපයුම් අංශය, ප්‍රසම්පාදන කමිටුව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව රෝහල්වල පවතින ඖෂධ හිඟයට වගකිව යුතු බව ද ඉහත ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9016239344060076743

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item