ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්

ජාතික ධජයෙන් සිංහයා ඉවත් කොට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතකයක් ජාතික ධජයට යොදාගත යුතු බවට වූ යෝජනාවක් මන්නාරම දිස්ත‍්‍රික...

ජාතික ධජයෙන් සිංහයා ඉවත් කොට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතකයක් ජාතික ධජයට යොදාගත යුතු බවට වූ යෝජනාවක් මන්නාරම දිස්ත‍්‍රික් කාන්තා සංවිධාන විසින් ඉදිරිපත් කර තිබෙනවා.

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත මෙම යෝජනාව ඉදිරිපත් වී තිබුණා.

මෙම කමිටුව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී මහජන අදහස් ලබාගැනීම සිදුකර ඇති අතර ඊට මෙම යෝජනාව ද ලබා දී තිබූ බව වාර්තා වෙනවා.

එය ඉදිරිපත් කළ කාන්තා සංවිධාන නියෝජිතයින් පැවසුවේ ජාතික ධජයේ සිංහයා ලකුණින් සිංහල ජනතාව පමණක් නියෝජනය වන බවයි.

කෙසේ වෙතත් සියලු ජාතීන් සංකේතවත් වන නව සලකුණක් ජාතික ධජයට යොදාගත යුතු බවයි ඔවුන්ගේ යෝජනාව වන්නේ. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7340046584792754571

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item